2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා

මොබිටෙල් කෑෂ් බොනැන්සා 2018 සැණකෙළිය

 2018 නොවැම්බර් 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 78

ශ‍්‍රී ලාංකික ජාතික ජංගම දුරකථන ජාලය වන මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන අඛණ්ඩව මෙන්ම ඉතාම සුවිශේෂී ලෙස ඔක්තෝබර් මස 27 වන දින නිට්ටඹුවේ මහජන ක්‍රීඩාංගණයේදී උදෑසන සිට සාර්ථකව පවත්වනු ලැබීය. සුපිරි මට්ටමේ ප‍්‍රතිඵලයක් ලෙස දැවැන්ත පාරිභෝගික පිරිසකගේ ආකර්ෂණය මෙම වැඩසටහනට උපරිමව හිමිව ඇති බවට එය සාක්ෂියක් විය.

මෙම වැඩසටහන මගින් ජනතා උද්‍යෝගය ඉහළින් ජනිත කරන ලද අතර එය ක‍්‍රමයෙන් වැඩිවෙමින් ඉදිරියට ඇදී යන්නේ, මොබිටෙල් වෙතින් 2018 ‘කැෂ් බොනෑන්සා ප‍්‍රවර්ධන වැඩසටහන ත්‍යාග වශයෙන් මර්සිඩීස් බෙන්ස් මෝටර් රථ පිරිනමමින් සහ ජයග‍්‍රාහකයන්ට රැපියල් මිලියන 190කට වඩා වටිනා ත්‍යාග හිමිකර ගත හැකි අයුරිනි. එසේම, මෙම වැඩසටහනෙන් වසර පුරා දෛනික ජයග‍්‍රාහකයන් 220,000 දෙනෙකුට රැ.500ක් දක්වා වූ මුදල් ත්‍යාග දිනාගත හැකි ය. 

පැමිණි සිටින ජනතාවට තම පවුලේ සැම සමඟ විනෝදයෙන් ගත කිරීමේ අවස්ථාව උදාවිය. එමෙන්ම, තවත් ක‍්‍රියාකාරකම් රාශියක්ම දිනය පුරා සංවිධානය කර තිබුණේ මෙම වැඩසටහනට සහභාගි වන පිරිස වෙනුවෙන් වැඩි විනෝදාස්වාදයක් ලබාදීම අරමුණු කරගෙනය. එහි, Bungee Jumps, චිත‍්‍ර තරග, IOT වැඩමුළුව වැනි අංග හා දරුවන්ට සෙල්ලම් කිරීම සඳහා වෙන් වූ ස්ථානයක් මෙන්ම පාරිභෝගික ප‍්‍රජාවට මොබිටෙල් නිෂ්පාදන අත්විඳ ඒ පිළිබඳ දැනුවත්වීමේ අවස්ථාව සමගින් මොබිටෙල් විසින් තිළිණ කරනු ලබන විවිධ සේවාවන් සහ නිෂ්පාදන රාශියක්ද හඳුනාගත හැකි වන ලෙස සැකසූ අලෙවි කුටි නිර්මාණය කර තිබුණි. ඒ සමඟම ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමක් ලෙස, සුදුසුකම් ලැබූ අත්දැකීම්වලින් පිරිපුන් දෘෂ්ටි පරීක්ෂකවරුන්ගේ පරීක්‍ෂාවට ලක් කෙරුණු මොබිටෙල් පාරිභෝගිකයන් 1000ක් වෙත නොමිලේ ඇස් කණ්ණාඩි බෙදාදීම, නවීන රෑපලාවණ්‍ය විලාසිතාවන්ට ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට Beauty Culture කුටි මෙන්ම පැමිණ සිටි පිරිසට සේවා සපයාගත හැකි වන ලෙස පවත්වන ලද වෛද්‍ය සායනයක්ද ජනතා සේවය වෙනුවෙන් ස්ථාපිත කර තිබුණි.

එමෙන්ම පරිගණක ක‍්‍රීඩා කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශවයන්ට උපරිම ලෙස පරිගණක ක‍්‍රීඩා වින්දනය ලබා ගැනීම සඳහා Gaming Zone එකක් පාරිභෝගික ප‍්‍රජාව වෙනුවෙන් සකසා තිබූ අතර එය බලගැන්වූයේ අධිවේගී මොබිටෙල් 4G බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතාවකිනි. මෙම අවස්ථාවට සහභාගී වූ සියලු දෙනාම ඉතා උනන්දුවෙන් පරිගණක ක‍්‍රීඩාවන්හි නිරත වූහ.

මොබිටෙල් කෑෂ් බොනැන්සා වැඩසටහන සමඟ සම්බන්ධ වීම සඳහා ඕනෑම මොබිටෙල් පෙර ගෙවුම්, පසු ගෙවුම් සහ බ්‍රෝඩ්බෑන්ඩ් පාරිභෝගිකයෙකුට අවස්ථාව හිමිවේ. සෑම රු.50ක රීචාජ් කිරීමක්, රීලෝඩ් එකක් හෝ පසු ගෙවුම් බිල් ගෙවීමක් ඒ සඳහා වලංගු වේ. පෙර ගෙවුම් සබඳතා හිමි පාරිභෝගිකයන්ට හිමි දිනපතා මුදල් ත්‍යාග ලෙස එම මුදල හා සමාන කතා කාලයක් හිමිවන අතර ජයග‍්‍රාහී පසු ගෙවුම් පාරිභෝගිකයින් හට ඔවුන්ගේ බිල්පත සඳහා වට්ටම් හිමිකර දෙයි. කෑෂ් බොනැන්සා ජයග‍්‍රාහකයින් දැනුම් දෙනු ලබන්නේ මොබිටෙල් පාරිභෝගික සේවා ක්‍ෂණික ඇමතුම 071 27 55 777 මගින් සහ ලිඛිතව තැපැල් මාර්ගයෙනි. පාරිභෝගිකයින් විසින් දිනාගනු ලැබූ කිසිදු ත්‍යාගයක් වෙනුවෙන් අමතර ගාස්තුවක් අය නොකෙරේ.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00