2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා

2018 SLIM Brand Excellence වසරේ ඔන්ලයින් සන්නාමය - රිදී සම්මානය e-Channellingට

 2018 දෙසැම්බර් 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 36

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානතම විශාලතම වෛද්‍යවරුන් චැනල් කිරීමේ ජාලය eChannelling PLC 2018 නොවැම්බර් 15 වැනිදා ශැංග‍්‍රිලා හෝටලයේ පැවති SLIM Brand Excellence සම්මාන උළෙලේ දී සැමගේ අවධානය දිනාගනිමින් ‘වසරේ ඔන්ලයින් සන්නාමය - රිදී’ සම්මානයට පාත‍්‍රවිය. අලෙවිකරණයේ ජාතික ව්‍යුහය ලෙස SLIM Brand Excellence සම්මාන, NASCO, the Effies   සහ People’s Awards ආදී සම්මාන උත්සව සමඟින් සන්නාම සංවර්ධනය, අලෙවිය, දැන්වීම් නිර්මාණය සහ වෙළෙඳ ගවේෂණ තොරතුරැ ආදී අංශයන් හී උපායමාර්ගික සහ ප‍්‍රතිඵල අරමුණකරගත් චින්තනය ඔපවත් කිරීමට ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සැමදා දිරිදෙයි.

ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වූ සෞඛ්‍ය සේවාවක් මඟින් රටේම ජනතාවට අප‍්‍රමාණ ප‍්‍රතිලාභ ළඟා කරදීමට ඇති හැකියාව වසර ගණනක eChannelling ක‍්‍රියාකාරීත්වය තුළින් මනාව ඔප්පුකර දී තිබේ. සෞඛ්‍ය සේවා ලබාදෙන ආයතන සහ මහජනතාව අතර ඇති හිඩැස අවම කරමින් භාවිතයට පහසු ඉතාම සරල ඩිජිටල් තාක්ෂණික ක‍්‍රමවේදයක් තුලින් ඉක්මන් කාර්යක්ෂම සෞඛ්‍ය පහසුකම් රුසක් ජනතාවට ළඟාකරදීම මෙහි අරමුණයි. මේවන විට එදිනෙදා ජීවිතයට අවශ්‍ය සන්නාමයක් බවට eChannelling පත්වී ඇති අතර තමන්ගේ හෝ තමන්ගේ ආදරණීයන්ගේ යම් සෞඛ්‍ය අවශ්‍යතාවයක් පැනනැගුණු වහාම විශ්වාසයෙන් භාවිතා කළ හැකි ජීවිතයට සමීප වූ සන්නාමයක් ද වී තිබේ.

රෝහල් 200කට අධික ප‍්‍රමාණයක්, 5500කට අධික වෛද්‍යවරැන්, 2000කට අධික eChannelling සේවා ස්ථාන සහ  ඕනෑම දුරකථන ජාලයකින් 225 අමතා  ඕනෑම තැනක  ඕනෑම වේලාවක දී වෛද්‍යවරයකු චැනල් කිරීමේ පහසුම ක‍්‍රමවේදය eChannelling ට වේ. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයට e-commerce පදනමක් සහිත සම්පූර්ණ සේවාවක් ලබාදුන් ලංකාවේ ප‍්‍රථම ආයතනය eChannelling වන අතර කොළඹ කොටස් වෙළෙඳපොළේ නාමගත වූ ප‍්‍රථම සන්නිවේදන තාක්ෂණික ආයතනය ද එයයි. රටේ දුරකථන සන්නිවේදන සේවා සපයන්නන් අතර පුරෝගාමියා ලෙස තම ස්ථානය ශක්තිමත් කරගැනීම උදෙසා ජාතික ජංගම දුරකථන ජාලය මොබිටෙල් සිය සාමාජික ආයතන ගොන්නට eChannelling බට එකතු කරගනිමින් ඩිජිටල් සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රය අනාගතවාදී තලයකට ඔසවා තැබීමට වෙහෙස වේ.

SLIM Brand Excellence සම්මාන උළෙල සන්නාමයන් ඇගයීම සඳහා ඇති ජාතික මට්ටමේ ප‍්‍රමුඛතම සම්මාන උළෙලක්වන අතර එහි දී අසමසම අලෙවිකරුවන්ගේ අසමසම කැපකිරීම් ඇගයීමට ලක්වේ. තම සන්නාමයන් උසස් තලයකට ඔසවා තැබීම උදෙසා අලෙවිකරුවන්ගේ උද්යෝගය, කැපවීම සහ උත්සහය හඳුනාගනිමින් එය ක්ෂේත‍්‍රයේ සැවොම අතර පිළිගැනීමකට ලක්කිරීම මෙම සම්මාන උළෙලේ ඒකායන අරමුණයි. වෙළෙඳ සුවිශේෂීතාවය සහ වෙළෙඳ උපායමාර්ග භාවිතය මඟින් ආයතනයක් සෘජු ප‍්‍රතිලාභ ලබාගැනීම ආදී අලෙවිකරණයේ උපයෝගීතාවයන් විනිශ්චය කරමින් ද ඒවා ඇගයීමට ලක්කරමින් ද SLIM’s උත්සාහ කරන්නේ අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ නියැලෙන ආයතන රටේ ආර්ථීකයට ශක්තියක්වන පුරෝගාමී බලවේගයන් බවට පත්කිරීමටයි.

 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00