සංවර්ධන ලොතරැයි මණ්ඩලය සමඟින් අත්වැල් බැඳ සිටින කොළඔ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් හා අලෙවි සහයක මහත්ම මහත්මීන් උදෙසා නොමිලේ වෛද්‍ය පහසුකම් ලබාදීම වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්මට සංවර්ධන ලොතරැයි මණ්ඩලය තීරණය කර ඇත.
එය එළඹෙන දෙසැම්බර් මස 15 වැනි සෙනසුරාදා දින උදෑසන 9.00 ට සංවර්ධන ලොතරුයි මණ්ඩල ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේදී සිදුකිරීමට නියමිතය.
ලේ මුත‍්‍රා අක්ෂි පරීක්ෂණ ඇතුළුව හිසේ සිට පාදන්තය දක්වා වූ සියලු රෝග පරීක්ෂා කර ගනිමින් නියමිත ඖෂධ සහ වෛද්‍ය උපදෙස් ලබාදීම මෙහිදී සිදුවනු ලබයි.
එසේම රසායනාගාර පරීක්ෂණයන් සිදුකර ගැනීමට බලාපොරොත්තු වන මහත්ම මහත්මීන් ඉහත දිනයට පෙර
• හසිත මහතා 076-5751463
• බණ්ඩාර මහතා - 076-8271495
යන අය අමතා තොරතුරු ලබා දෙන ලෙසද සංවර්ධන ලොතරැයි මණ්ඩලය දැනුම් දෙයි.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය වෙනුවෙන් ජීවිතය කැප කරන්නාවූ අලෙවි ජාලයේ ශරීර සුවතාවය උදෙසාම පවත්වනු ලබන මෙම වෛද්‍ය කඳවුර සඳහා සහභාගී වන ලෙස සංවර්ධන ලොතරුයි මණ්ඩලය කොළඔ දිස්ත්‍රික් අලෙවි නියෝජිත මහත්ම මහත්මීන් හා සහයක මහත්ම මහත්මීන්ගෙන් ඉල්ලා සිටී.