2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ක්ලින්ටන් රෝහලේ!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 173

අමෙරිකාවේ  ආන්දෝලනාත්මක චරිතයක් වූ  හිටපු 42 වැනි ජනාධිපති බිල් ක්ලින්ටන් රෝහල් ගතකර තිබේ. ඔහුගේ මාධ්‍ය ප්‍රකාශක ඒන්ජල් යුරේනා ට්විටර් පණිවිඩියක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, හිටපු ජනාධිපතවරයා රුධිරගත හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගතකළ බවය. කෙසේවුවද හිටපු ජනාධිපතිවරයා කොවිඩ් ආසාදනය වීමෙන් රෝහල් ගතකර ඇති බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බවද ඒන්ජල් යුරේනා නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වේ.

ඔහු 1993 සිට 2001 වසර දක්වා ජනාධිපති ධූරය හෙබවීය. ඔහු තෙවැනි ලාබාලතම ජනාධිපතිවරයා වූ අතර තෙයඩෝර් රූස්වෙල්ට් හා ජෝන් එෆ්. කෙනඩිට වඩා වැඩිමහලු විය. සීතල යුද්ධය අවසානයේදී ජනාධිපතිධූරයට පත් වූ බිල් ක්ලින්ටන් උපත ලබා තිබුණේද II වැනි ලෝක යුද්ධය අවසාන වූ කාලසීමාවේය. එබැවින් ඔහු දෙවැනි ලෝක යුද්ධ සමයේ උපත ලැබූ මුල්ම ජනාධිපතිවරයා ලෙස නම් දැරීය. හෙතෙම හිටපු රාජ්‍ය ලේකම් හා 2016 ප්‍රජාතන්ත්‍රවාදී ජනාධිපති අපේක්ෂක හිලරි රොඩෑම් ක්ලින්ටන්ගේ ස්වාමි පුරැෂයා වේ. මොනිකා ලෙවැන්ස්කි සිද්ධිය ඔහු ගැන ආන්දෝලනාත්මක සිද්ධියකි. 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00