2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

ජී20 රටවලින් සාධාරණව ලොව සැමට එන්නත්‍!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 73

සංවර්ධිත රටවල ජනගහණයෙන් සියයට 58කට අධික පිරිසක් එන්නත්කරණය කර ඇති නමුත් ඊට සාපේක්ෂව සංවර්ධනය වෙමින් පවතින රටවල සියයට 1.4ක් පමණක් පූර්ණ එන්නත්කරණය කර ඇති බව ඉතාලියේ පැවැති ජී20 රටවල වෙළෙඳ අමාත්‍යවරැන්ගේ විශේෂ හමුවකදී අනාවරණය වී ඇත.

එම තත්ත්වයෙන් බැහැරව ලොව පුරා එන්නත් සාධාරණව බෙදා හැරීමටත් වසංගතයට දැඩි ප්‍රතිචාර දැක්වීමටත් ජී20 රටවල වෙළෙඳ අමාත්‍යවරqන් මෙහිදී එකඟවූහ. ඒ අනුව ලොවපුරා සාධාරණ ලෙස කොරෝනා මර්දන එන්නත් බෙදාහැරීම ජී20 රටවල් කරන්නට නියමිතය.