2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

නෝර්වේජියාවේ දුනු ඊතල ප්‍රහාරයක්!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 321

නෝර්වේජියානු නගරයක් වන කොංග්ස්බර්ග්හිදී දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මියගොස් දෙදෙනෙකු තුවාල ලබා ඇත. ඔස්ලෝ අගනුවරට නිරිත දෙසින් පිහිටි කොංග්ස්බර්ග් නගරයේ පිහිටි සුපිරි වෙළඳසැලක් තුළදී එරට වේලාවෙන් පස්වරැ 6.30ට පමණ ප්‍රහාරය සිදුව ඇතැයි වාර්තා වේ.

ප්‍රහාරය සිදුව මිනිත්තු 34කට පසු ප්‍රහාරය සිදුකළ බවට සැකපිට 37 හැවිරිදි ඩෙන්මාර්ක ජාතිකයෙකු අත්අඩංගුවට ගැනීමට එරට පොලීසියට හැකිව තිබේ. පොලීසිය සැක පළ කරන්නේ, මෙය සැකකරුගේ තනි ක්‍රියාවක් බවටයි. නමුත් මෙය ත්‍රස්ත ක්‍රියාවක්ද නැද්ද යන්න පිළිබඳව විමර්ශන ආරම්භ කර තිබේ. ප්‍රහාරයෙන් පසු සැකකරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් හා ප්‍රහාරකයා අතර ගැටුමක්ද ඇති වී ඇති අතර ඉන් පොලිස් නිලධාරියෙකුටද තුවාල සිදුව තිබේ. පොලිසිය විසින් නම්කර නොමැති සැකකරු බදාදා දහවල් අත්අඩංගුවට ගෙන ඩ්‍රැමෙන් නගරයට රැගෙන ගොස් තිබේ. මේ වනවිට එරට ඔස්ලෝ අගනුවර ආරක්ෂාවද තරකර තිබේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00