2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

හැරී-මේගන් තවත් අඩව්වක් අල්ලයි!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 38

එංගලන්තයේ රජ පවුලෙන් ඈත්ව සිටින හැරී කුමරු සහ මේගන් මාකල් කුමරිය ඩයනා කුමරියට ගෞරව පුද කිරීමේ උත්සවයක් වර්ජනය කිරීමට සැරසෙන පුවතක් මහත් ආන්දෝලනයක් ඇතිකර තිබේ. 

මෙම සැමරැම් උත්සවය පැවැත්වෙනුයේ කෙන්සිංටන් මාලිගයේදීය. කේම්බ්‍රිජ් ආදිපාද විලියම් කුමරු ඇතුළු ආරාධිතයින් සියයක් පමණ මීට සහභාගී වීමට නියමිතය.

අවසන්වරට හැරී සහ විලියම් කුමරු මුණගැසී ඇත්තේ ඉකුත් ජූලි මස 01 වැනිදාය. ඒ කෙන්සිංටන් මාලිගයේදී ඩයනා කුමරියගේ 60 වැනි ජන්ම දිනය වෙනුවෙන් නිර්මාණය කළ විශේෂ පිළිරුව නිරාවරණය කිරීමේ අවස්ථාවටය.

කෙසේ වුවද අදාළ දිනයේදී පිළිරුව නිරාවරණය කළද කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් එහි සැලසුම් කර තිබූ සැමරුම් උත්සවය කල්දමා තිබුණි. ඒ අනුව අදාළ සැමරුම් උත්සවය මෙලෙස එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිතය. නමුත් මෙය හැරී සහ මේගන් ඩයනා කුමරියට වර්ජනය කිරීමට සැරසෙන බව මාධ්‍ය කියයි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00