තායිවානයේ තට්ටු 13ක ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නකින් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තවත් පිරිසක් බරපතල තුවාල ලබා තිබේ. එරට කාඕසියුං නගරයේ පිහිටි නේවාසික සහ වාණිජ ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇත.
ගින්න නිවීම සඳහා ගිනි නිවන භටයින්ට පැය හතරකට වැඩි කාලයක් ගත විය. 79 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර 14 දෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් ගින්නට හේතුව අපැහැදිලි බවත් විදුලි රුහැන් එළියේ තිබෙන්නට ඇති බවත් වාර්තා වේ. ගොඩනැගිල්ලේ පහළ තට්ටුවේ ගොඩගැසී තිබූ භාවිතයට නොගත් අයිතම ගලවා ගැනීමේ කටයුතු වඩාත් දුෂ්කර කර ඇත.