බුදුරජාණන් වහන්සේ ‘මහාපරිනිර්වාණය’ සිදු වූ වූ කුසිනාරාව වෙත වෙත සෘජු ගුවන් ගමන් පහසුව ලබාදෙමින් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කුෂිනගර් ජාත්‍යන්තර ගුවන් තොටුපළ විවෘත කළේය. කුෂිනගර් වෙත මුලින්ම ගොඩබසින ලද්දේ ශ්‍රී ලංකා ගුවන් යානයකි.
මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ආරම්භ කිරීම බෞද්ධ සමාජයේ ඇදහිල්ලට ගෞරවයක් දැක්වීමක් වශයෙන් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සඳහන් කළ, අතර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ දා සිට මහා පරිනිර්වානය දක්වා වූ මුළු ගමනේම මෙම කලාපය සාක්ෂි දරන බව පැවසීය.
මෙම පියවර ඉන්දියාවේ ගුවන් සේවා අංශයට නව ශක්තියක් ලබාදෙනු ඇති බවත් නව ගුවන් තොටුපළ 50 කට වැඩි ප්‍රමාණයක් හෝ කලින් සේවයේ නොතිබූ ඒවා ක්‍රියාත්මක කරන්නටත් කටයුතු යොදා ඇත.