පසුගියදා බංග්ලාදේශයේ රංග්පූර් දිස්ත්‍රික්කයේ සිදුවූ ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් එම ප්‍රදේශයේ හින්දු ජාතිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත් විය. හින්දු භක්තිකයන්ගේ ධීවර ගම්මානයක නිවාස 60කට ආසන්න ප්‍රමාණයක් ගිනි තබා ඇත. මේ ප්‍රහාරය හෙළා දකිමින් අමෙරිකාවද ප්‍රකාශයක් නිකුත් කර තිබිණි.
බංග්ලාදේශයේ සුළුතර හින්දු භක්තිකයන්ට එරෙහි ප්‍රහාර එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වගන්තිවලට පටහැනි බැවින් අගමැති ෂෙයික් හසීනාගේ රජය මේ සිද්ධීන් පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට සහතික විය යුතුයැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය දන්වා තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා ඇත්තේ මෑතකදී බංග්ලාදේශයේ හින්දු භක්තිකයින්ට එල්ල වූ ප්‍රහාර, සමාජ මාධ්‍ය තුළ වෛරී ප්‍රකාශ හේතුවෙන් සිදුවූවාක් වන අතර එය බංග්ලාදේශයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්තිවලට පටහැනි බවය. එබැවින් වහා එය නවත්වා සුළු ජාතීන්ගේ ආරක්ෂාව තහවුරු කර අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන බවට සහතික කරන ලෙසටය.