2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

චීනයේ ඩෙල්ටා රැල්ලක්!

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 25

ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් රට තුළ ව්‍යාප්ත වෙමින් ඇති බවට චීන සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබේ. මෙම තත්වයත් සමග චීන රජය විසින් වයඹ දිග ලැන්ෂෝ නගරයේ අගුලු දමා ඇති අතර හදිසි අවස්ථාවකදී පමණක් ජනතාවට නිවසින් පිටතට යාමට අවසර ලබා දී ඇත. 

මේ වනවිට චීනයේ පළාත් 11ක කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය වේගයෙන් පැතිර යමින් ඇති බවට හඳුනාගෙන තිබේ. ගමනාගමනය තහනම් කිරීමත් සමග බොහෝ නගර මේ වනවිට පාළුවට ගොස් ඇති බවත් අධිවේගී මාර්ග රැසකම කිසිදු වාහනයක් ධාවනය නොවන බවද වාර්තා වේ.

චීනයේ ප්‍රාන්ත 11ක කොරෝනා ආසාදනය පැතිරී යන බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම අනතුරු අඟවා ඇත්තේ සතියක පමණ කාලයකදී ආසාදනය පැතිරී ගියේ විදුලි වේගයෙන් බව කියමිනි. එවැනි තත්ත්වයක් තුළ ඉදිරි දිනවලදී කොරෝනා තත්ත්වය තවත් නරක අතට හැරෙනු ඇතැයි අනතුරු අඟවා තිබේ. මේ වනවිට බීජිං අගනුවරද කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි පැවසෙන අතර චීනය බීජිං මැරතන් තරගය නැවත දැනුම් දෙනතුරු කල්දමා තිබේ.

ආසාදිතයින් වාර්තා වෙමින් ඇති ආකාරය නිරීක්ෂණය කිරීමේදී බරපතළ මට්ටමේ තත්ත්වයක් මතුවෙමින් පවතින බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසම පවසා ඇත.  

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00