2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

ලෝක ආහාර මිලත් ඉහළටම!

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

පසුගිය වසරට වඩා 30කින් ලෝක ආහාර මිල ඉහළම මට්ටමට පැමිණ ඇතැයි එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය නිවේදනය කර ඇත. ඉකුත් වසර 10ක කාලය ඇතුළත එය ඉහළම මට්ටමට වර්ධනය වී ඇති බව එහි සඳහන් වේ. සැපයුම් අඩාල වීම, ඉහළ භාණ්ඩ මිල ගණන්, කර්මාන්තශාලා වැසීයාම් සහ දේශපාලන ව්‍යාකූලත්වය ගෝලීය ආහාර මිල ඉහළ යෑමට තුඩුදුන් කරුණු බවටත් එම සංවිධානය පෙන්වා දී ඇත. පසුගිය වසරට සාපේක්ෂව ධාන්‍ය මිල 22කින් වැඩි වී ඇති බවත්, කැනඩාව, රුසියාව සහ අමෙරිකාව වැනි ප්‍රධාන අපනයනකරුවන්ට දුර්වල අස්වනු ලැබීම නිසා පසුගිය මාස 12දී තිරිඟු පිටි මිල 40කින් පමණ ඉහළ ගොස් ඇත.

සේවකයන්ගේ අඛණ්ඩ හිඟයත් ආහාර මිල ඉහළ යෑමට හේතුවක් බව එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය පෙන්වා දී තිබේ. මේ පිළිබඳ ප්‍රකාශයක් කරමින් කෘෂිකාර්මික විශේෂඥ බාට් වැඩිදුරටත් කියා ඇත්තේ ශ්‍රම හිඟය නිසා ලොව අනෙකුත් රටවලත් ආහාර නිෂ්පාදනය හා ප්‍රවාහන වියදම් ඉහළ නැංවීමට හේතුවක් බවය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00