2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා

පාප් වහන්සේ සම අයිතිය තහවුරු කරති!

 2021 නොවැම්බර් 13 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 67

නව  පාප් වහන්සේ තම ධූරයට පත් වූ දා සිට නිරතුරුවම කතෝලික පල්ලියේ වගකීම් දැරීමට කාන්තාවන්ට ඇති අයිතිය වෙනුවෙන් ඍජුව පෙනී සිටිනු ලැබූහ. ඒ අනුව මෙම වසරේ ජනවාරි මාසයේදී වතිකානුවේ නීති වෙනස් කරමින් දේව මෙහෙයන් කියවීමටත්, පූජාසනයේ සේවිකාවන් ලෙස සේවය කිරීමේ අයිතියත් තහවුරු කරමින් එම කාර්යයන් සිදුකිරීමට කාන්තාවන්ට අවසර ලබා දුන්හ.

එසේම ආගමික න්‍යායයන් සාකච්ඡාවට ගනු ලබන වතිකානුවේ ඉහළම කතෝලික සභාවේ උප ලේකම්වරිය ලෙස කාන්තාවක් පත් කිරීමටත් පාප් වහන්සේ තීරණය කරන ලදී. මෙම පත්කිරීම තුළින් අදාළ කාන්තාවට කතෝලික සභාවේ ගනු ලබන සාමූහික තීරණවලදී ඡන්ද අයිතිය හිමිවීමද විශේෂ කාරණයකි. මිට පෙර මෙම සියලු තනතුරු දරනු ලැබුවේ පුරැෂයන් විසිනි.

2016 වර්ෂයේදී පාප් ෆ්රන්සුවා විසින් කතෝලික ඉතිහාසයේ කාන්තාවන් විසින් සිදුකරන ලද කාර්යභාරය සොයා බැලීමට ආගමික කොමිසමක් පත්කරන ලද්දේ කතෝලික සභාව තුළ කාන්තාවන්ට සම අයිතිය ලබාදීම ඉලක්ක කරමින් බව වතිකානු ආරංචි මාර්ග සඳහන් කරනු ලබයි.

ඉන් අනතුරැව පසුගිය නොවැම්බර් 04 වැනිදා වතිකානු ඉතිහාසයේ ප්‍රථම වතාවට වතිකානුවේ කෞතුකාගාරය, තැපැල්හල හා පොලීසිය ඇතුළු රජයේ ප්‍රධානතම ආයතන තුනක වැදගත්ම තනතුර ලෙස සැලකෙන වතිකානු රජයේ රාජ්‍ය ලේකම් පදවිය වෙනුවෙන් කාන්තාවක් පත් කරන ලදී.

වයස 52ක් වන Raffaella petrini මෙසේ පත්වූ ඉතාලියානු ජාතික කාන්තාවක් වන අතර ඇය විසින් ඉහත සඳහන් කළ ආයතනයන්හි පරිපාලන බලය හොබවනු ඇත. සම්ප්‍රදායිකව වතිකානුවේ මෙම අතිශයින්ම වැදගත් තනතුර මේ දක්වා හොබවනු ලැබුවේ කතෝලික පුජකතුමෙකු විසිනි.