ලොව ධනවත්ම සහ බලවත්ම රාජ්‍යය ලෙස පැවති ඇමෙරිකා එක්සත් ජනපදයේ කිරුළ මේ වනවිට චීනය අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. ඒ ඇමෙරිකානු ඩොලර් ට්‍රිලියන 514 දක්වා චීනයේ ශුද්ධ වත්කම ඉහළ යාමත් සමඟය.
මේ පිළිබඳව තොරතුරු හෙළිකර තිබෙන්නේ ප්‍රකට ව්‍යාපාරික උපදේශන සමාගමක් වන මැකෙන්සි ජාත්‍යන්තර ආයතනය විසිනි. ඔවුන් පවසන්නේ චීනය විසින් පසුගිය දශක දෙක ඇතුළත සිය වත්කම් ප්‍රමාණය තුන් ගුණයකින් ඉහළ නංවා ගැනීමට සමත්ව ඇති බවය. ඒ අනුව මේ වනවිට ඇමෙරිකාව අභිබවා චීනය ලොව ධනවත්ම රාජ්‍යය බවට පත්ව තිබේ.
කෙසේ වුවද ලොව බලවත්ම රාජ්‍යය ලෙස තවදුරටත් ඇමෙරිකා එක්සත් ජනපදය පෙරමුණේ පසුවෙයි.