මධ්‍යම ඇමරිකාවේ කුඩා රාජ්‍යයක් වන හොන්ඩුරාස් රාජ්‍යයද දැන් රතු රටකි. ඒ 28 වැනි ඉරිදා එරට පැවැත්වුණු ජනාධිපතිවරණයෙන් වමේ අපේක්‍ෂිකා XIOMARA CASTRO මහත්මිය ඉදිරියට පැමිණිමත් සමගිනි. ඒ අනුව නිකරගුවාව, බ්‍රසීලය, චිලිය, ආර්ජන්ටිනාව, පීරෑ හා වෙනිසුවේලාවට පසුව මධ්‍යම අමෙරිකාවේ 6 වැනි රතු රාජ්ජය බවට එය පත්වේ.
දුප්පත්කමින්, මත්ද්‍රව්‍ය ජාවාරමෙන් හා දූෂණයෙන් මෙන්ම මිලිටරි කුමන්ත්‍රණ හේතුවෙන්ද අධික ලෙස පීඩා විඳින රටක් ලෙස ප්‍රකට හොන්ඩුරාස් රාජ්‍යයේ මෙම පෙරුළිය මධ්‍යම ඇමරිකානු කලාපයට අතිශයින් තීරණාත්මක වූවකි.
මිලියන 10ක ජනතාවක් වෙසෙන හොන්ඩුරාස් රාජ්‍යය රත්‍රං, රිදී, තඹ, ඊයම්, මිනිරන් හා ගල් අඟුරැවලින් පොහොසත් රටක් වුවද එරට ජනගහනයෙන් 77.3ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වාර්තාවන්ට අනුව අන්ත දුගී භාවයෙන් පීඩාවට පත්ව ඇත. එරට දළ ජාතික නිෂ්පාදනයෙන් 22%ක් ලබාදෙනුයේ කෙසෙල්, උක්, තිරිඟු, දොඩම්, දුම්කොළ වැනි කෘෂි කර්මාන්ත ආශ්‍රයෙන් හා සත්ව පාලනය මගිනි. කෝපි වගාව 22%ක් ආර්ථිකයට ලබාදෙන අතර 18.5%ක මූල්‍ය සහාය ලබාදෙනුයේ ලොවපුරා වෙසෙන එරට ඩයස්පෝරාව මගින් ලබාදෙන මුදල් මගිනි. එරට කෘෂි කර්මාන්ත කේෂ්ත්‍රවලින් බහුතරයක් පාලනය කරනු ලබනුයේ ඇමරිකානු බහුජාතික සමාගමක් වන united fruit company නම් සමාගම විසින් වන අතර එරට සිදු වූ සියලුම හමුදා කුමන්ත්‍රණවලට මූල්‍ය සහය ලබාදීම පිළිබඳව මෙම සමාගමට ඍජුවම චෝදනා එල්ල වේ.
2006 හමුදා කුමන්ත්‍රණයෙන් පහකරනු ලැබූ MANUEL ZELAYAගේ බිරිඳ වන Xiomara Castro හට ලොවපුරා වමේ පක්ෂවලින් පමණක් නොව දක්ෂිණාංශික ප්‍රගතිශීලි කඳවුරෙන්ද කොන්දේසි විරහිත සහයක් ලැබෙමින් පවතිනුයේ වර්තමාන Hernandezගේ පාලනය “මත්ද්‍රව්‍ය-මාෆියා රෙජීමයක්” ලෙස එයට මේ දක්වා සහාය ලබාදෙන ඇමරිකාව විසින්ම භෞතිෂ්ම කර ඇති තත්ත්වයක් තුළය.
වසර 2017දී පැවැත්වූ ජනාධිපතිවරණය අතිශය දූෂිත මැතිවරණයක් වූ අතර එහිදී බලයට පත්වූ juan Orlando Hernandez මත්ද්‍රව්‍ය වෙළඳාම සම්බන්ධයෙන් ඍජුවම ඇමරිකානු අධිකරණය විසින්ම චෝදනාවට ලක්වූ පුද්ගලයෙකු වේ. ඔහුගේ සහෝදරයා මේ වනවිට මත්ද්‍රව්‍ය ජාවාරම් චෝදනා මත ඇමරිකාවේ සිරදඬුවම් විඳී.