අමෙරිකාවත් මේ දිනවල සිටින්නේ පාන් කියා ගන්නවත් නොහැකි තරමට දුප්පත්වය. ඒ අනුව 1982 වසරින් වසර 39කට පසු පළමුවරට අමෙරිකාවේ උද්ධමනය ඉහළ ගොස් තිබේ. එරට ආහාර මිල දර්ශකයට අනුව සිල්ලර භාණ්ඩ අඛණ්ඩව ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර, පසුගිය නොවැම්බර් මාසයේදී මස් වර්ග, මත්ස්‍ය වර්ග, බිත්තර 0.9%කින් ඉහළ ගොස් ඇති අතර, ධාන්‍ය වර්ග සහ බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද 0.8%ක ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.
පසුගිය මාස 6ක් ඇතුළත අඛණ්ඩව භාණ්ඩවල මිල ගණන් ඉහළ ගොස් ඇත. ගෑස්, නිවාස සහ ආහාර වර්ගද ඒ අතර ඇතැයි අමෙරිකාවේ සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කර තිබේ. පසුගිය නොවැම්බරයේදී අමෙරිකාවේ ඛනිජ තෙල් මිල ගණන් 58.1%කින් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇති අතර, වසර 1980න් පසු එවැනි තත්ත්වයක් පෙන්නුම් කර ඇත්තේ පළමුවරටය.
මීට අමතරව පසුගිය නොවැම්බර් මාසයේදී නව මෝටර් රථ, නිවාස සහ ගෘහ භාණ්ඩවල මිලද, ඇඟලුම් සහ ගුවන්යානා ප්‍රවේශපත්‍රවල මිල ගණන්ද සැලකිය යුතු අයුරින් ඉහළ යෑමක් පෙන්නුම් කර ඇත.