ලොව පුරා දරිද්‍රතාවයට ගොදුරු වූ පුද්ගලයන්ගේ ප්‍රමාණය මිලියන 97 ඉක්මවනු ඇතැයි ලෝක බැංකුව තක්සේරු කර ඇත. කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය නිසා මේ මිලියන සියයකට ආසන්න පුද්ගලයන් පිරිසට දිනකට අමෙරිකානු ඩොලර් 2කට අඩු මුදලකින් සිය කුසගිනි නිවා ගැනීමට සිදුවී ඇතැයිද ලෝක බැංකුව අනාවරණය කර තිබේ. මෙවැනි විශාල ප්‍රමාණයකින් ගෝලීය දරිද්‍රතාව ඉහළ ගොස් ඇත්තේ වසර 20කට පසුවය.
කොවිඩ් ව්‍යාප්තියේ ආරම්භය සිදු වූ පසුගිය වසරේ සිට මේ දක්වා වසංගතයේ කිසිදු අඩුවක් පෙනෙන්නට නැතැයිද, වසර 2020 දී වර්ධනය වූ ගෝලීය දරිද්‍රතාව මේ වනවිට මිලියන 97ක ජනතාවක් දුෂ්කරතා රැසකට ඇදදමා ඇතැයිද එම තක්සේරුව මගින් අනාවරණය වන බව සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේය.