බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ උදරාබාධයක් හේතුවෙන් රෝහල් ගතකර ඇත. ඔහුට ශල්‍යකර්මයක් අවශ්‍ය විය හැකි බව සමාජ මාධ්‍ය ඔස්සේ නිවේදනය කර තිබුණි.
2018 දී ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ යෙදී සිටියදී බොල්සොනාරෝ මාරාන්තික පිහි ඇනුමකට ලක්විය. එතැන් සිට ඔහු ශල්‍යකර්ම හතරකට භාජනය වී ඇති අතර පසුගිය ජූලි මාසයේදී දින පහක් රෝහල් ගත කර ඇත්තේ මේ සමාන රෝග ලක්ෂණ සහිතවය.