2022 ජනවාරි 15 වන සෙනසුරාදා

ඩෙන්මාර්ක් ඔත්තු සේවා ප්‍රධානියා ඔත්තු දීලා හිරේ

2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:0032

රහසිගත තොරතුරු කාන්දු කළ බවට ඇති චෝදනාවක් හේතුවෙන් ඩෙන්මාර්කයේ ඔත්තු සේවා ප්‍රධානියා සිරගත කර ඇත.

ඩෙන්මාර්කයේ විදේශ ඔත්තු සේවයේ ප්‍රධානියා වන Lars Findsen රහසිගත තොරතුරු කාන්දු වීම සම්බන්ධයෙන් දෙසැම්බර් මාසයේදී අත්අඩංගුවට ගත් හතර දෙනාගෙන් කෙනෙකු ලෙස නම්කරන ලදී. කෝපන්හේගන්හි උසාවියක් ඔහුගේ අනන්‍යතාවය හෙළිදරව් කිරීම වළක්වන නියෝගයක් ඉවත් කිරීමෙන් පසු ඔහුගේ නම දැන්  ප්‍රසිද්ධියට පත්ව තිබේ.

රටේ ජාතික ඔත්තු සේවය වන ඩෙන්මාර්ක ආරක්ෂක සහ බුද්ධි සේවාව බුද්ධි අංශ තුළ සිදු වූ තොරතුරු කාන්දුවීම් පිළිබඳ ප්‍රකාශ කැරිණි. රටේ බුද්ධි අංශයේ එම ප්‍රකාශයට අනුව, දීර්ඝ විමර්ශනයක් ඇරුඹිණි. පසුව දෙසැම්බර් 9 වැනි දින ෆින්ඩ්සන් අත්අඩංගුවට ගන්නා ලදී. නඩු විභාගය මේ වනවිට සිදුවෙමින් පවතින බව වාර්තා වෙයි.