2022 ජනවාරි 15 වන සෙනසුරාදා

උතුරේ මිසයිලයෙන් කොරියන් සාමය නැවත දෙදරයි?

 2022 ජනවාරි 15 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 118

උතුරු කොරියාව මේ වසරේ සිය පළමු මිසයිලය අත්හදා බැලූ දිනයේ, දකුණු කොරියානු ජනාධිපති මූන් ජේ-ඉන් දේශසීමා නගරය වන ගොසොං වෙත පැමිණ සිටියේය. බෙදී ගිය කොරියානු අර්ධද්වීපය නැවත සම්බන්ධ කිරීමට හැකිවේ යැයි බලාපොරොත්තු වන දුම්රිය මාර්ගයක් සඳහා මුල්ගල තැබීමේ උත්සවයකට සහභාගී වීමටය.

එහිදී උතුරු කොරියාවේ ජනවාරි 5 වැනි දින මිසයිල පරීක්ෂණය අන්තර් කොරියානු සබඳතා තවදුරටත් අස්ථාවර කිරීමේ අවදානමක් ඇති බවට කනස්සල්ල පළකළ මූන් ජනාධිපතිවරයා, සාම සාකච්ඡා නැවත ආරම්භ කිරීමේ බලාපොරොත්තුව තම රජය අත් නොහරින බවද  අවධාරණය කළේය.

වසර පහකට පෙර තමන් බලයට පත් වූදා සිට, මූන් උතුරු කොරියාවේ කිම් ජොන් උන් සමඟ සම්බන්ධ වීමට පෙර නොවූ විරූ උත්සාහයක් ගෙන තිබේ. මෙම දෙදෙනා  2018දී තුන් වතාවක් මුණගැසුණි. මැයි මාසයේදී නිලයෙන් ඉවත් වීමට නියමිත මූන්, මෑත මාසවලදී එක්සත් ජනපදයට සහ චීනයට බලපෑම් කරමින්,  සාම ක්‍රියාවලිය නැවත පණ ගැන්වීමේ උත්සාහයන් වේගවත් කර තිබුණි.

දකුණු කොරියානු ජනාධිපතිවරයා කියා තිබුණේ උතුර සමග ගැටුම අවසන් කිරීමේ මෙම ප්‍රයත්නයන් සාම සාකච්ඡා නැවත පණ ගැන්වීමට උපකාරී වනු ඇති නමුත් එමගින් එක්සත් ජනපදය සමඟ ඇති සිය සන්ධානයට වල කැපීමේ අවදානමක් ඇති බවය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00