2022 ජනවාරි 22 වන සෙනසුරාදා

මොරොක්කෝවේ මාරක යාත්‍රා අනතුර!

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 85

දකුණු දිග මොරොක්කෝව ආශ්‍රිත මුහුදේදී සංක්‍රමණිකයින් රැගත් යාත්‍රාවක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 43 දෙනෙකු මියගොස් තිබේ. මියගිය පිරිස අතර කුඩා ළමුන්ද සිට ඇත. අනතුරට ලක්වූ යාත්‍රාවේ සිටි තවත් පුද්ගලයින් 10 දෙනෙකු දිවි බේරාගැනීමට සමත්ව ඇත.

පසුගිය වසර තුළ පමණක් එම මුහුදු ප්‍රදේශයේදී සංක්‍රමණිකයින් 4,000 ක පමණ පිරිසක් මෙවැනි අනතුරුවලට ලක්ව මියගොස් තිබුණි.