2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ඇමෙරිකාවේ මුල්ම මුස්ලිම් විනිසුරුවරිය

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 308

එක්සත් ජනපදයේ ෆෙඩරල් උසාවියක විනිසුරුවරියක ලෙස පත්වන පළමු මුස්ලිම්-ඇමරිකානු කාන්තාව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් නම් කර තිබේ. ඒ බව ධවල මන්දිරය ප්‍රකාශ කළේ විවිධ අධිකරණ නාමයෝජනා ලැයිස්තුවක් ප්‍රකාශයට පත් කරමිනි.

මේ අනුව එක්සත් ජනපද සෙනෙට් සභාව විසින් තහවුරු කරනු ලැබුවහොත්, බංග්ලාදේශ සම්භවයක් ඇති සිවිල් අයිතිවාසිකම් නීතිඥයෙකුද වන නුස්රත් ජහාන් චෞද්රි නිව්යෝර්ක් ප්‍රාන්තයේ ෆෙඩරල් දිස්ත්‍රික් උසාවියේ සේවය කරනු ඇත.

මේ අනුව ෆෙඩරල් විනිසුරුවරයෙකු ලෙස සේවය කරන පළමු බංග්ලාදේශ-ඇමරිකානුවා, මෙන්ම පළමු මුස්ලිම්-ඇමරිකානු කාන්තාව සහ දෙවැනි මුස්ලිම්-ඇමරිකානු පුද්ගලයා වනු ඇත්තේ ඇයයි.

චෞද්රි ෆෙඩරල් ආන්ඩුවට සහ නිව් යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවට අභියෝග කරන නඩු ඇතුළු සිවිල් අයිතිවාසිකම් නඩු රාශියකට සම්බන්ධ වී ඇති අයෙකි.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00