2022 ජනවාරි 22 වන සෙනසුරාදා

ඉන්දුනීසියාවට බෝර්නියෝ දුපතේ නව අගනුවරක්

 2022 ජනවාරි 22 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 118

මෙතෙක් පැවැති ජාකර්තා වෙනුවට ඉන්දුනීසියාව නව අගනුවරක් තෝරාගෙන ඇත. ඉන්දුනීසියාව සිය නව අගනුවර ජාවානි භාෂාවෙන් ''දූපත් සමූහය'' යන අර්ථය ඇති  නූසන්තාරා - Nusantara ලෙස නම් කරන බව නිවේදනය කර ඇත.
එය සිදුවූයේ ශීඝ්‍රයෙන් ගිලා බසින ජාකර්තා අගනුවර වෙනත් ස්ථානයකට ගෙන ඒම සඳහා වූ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීමත් සමඟය.

බෝර්නියෝ නම් දූපතෙහි සැතපුම් 800 (1,300km) දුරින් නව අගනගරය ස්ථාපනය කර ඇති අතර එය සංවර්ධනය කිරීම 2019 වසරේදී ඇරඹීය. වර්තමාන අගනගරය වන ''ජාකර්තා'' නගරය ගිලා බැසීම හේතුවෙන් අගනගරය ලෙස වෙනත් ස්ථානයක් නම් කිරීමට අවශ්‍ය අනුමැතිය එරට පාර්ලිමේන්තුව විසින් පසුගියදා ලබාදී තිබුණි.

ජනාකීර්ණ ජාකර්තාව, දූෂිත වී ඇති අතර දරුණු වේගයකින් ගිලා බැසීමට ලක්ව ඇත. භූගත ජලය අධික ලෙස ලබාගැනීම හේතුවෙන් ජාකර්තා නගරය මෙලෙස නොසිතු ලෙස ගිලා බසිමින් සිටින බව විද්‍යාඥයෝ පවසති. මිලියන 10 කට අධික ජනතාවක් වාසය කරන එය විශාල ජාවා දූපතේ වගුරු බිමක පිහිටා තිබේ.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00