බුර්කිනා ෆාසෝ ජනාධිපති රෝච්කබෝරේ බලයෙන් පහ කිරීමේ හමුදා කුමන්ත්‍රණය බටහිර සහ මධ්‍යම අප්‍රිකාවේ මෑත කාලීන මිලිටරි අත්පත් කර ගැනීම් මාලාවක සිව්වැන්නයි. ඒ අනුව එය තවදුරටත් කලාපීය අස්ථාවරත්වය පිළිබඳ බිය ඇති කරන්නකි.
සන්නද්ධ කණ්ඩායම්වලට එරෙහි ඔවුන්ගේ සටනට වැඩි සහයෝගයක් ඉල්ලා කැරලිකාර සොල්දාදුවන් ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත්වූ ජනාධිපතිවරයා ඉවත් කර රජය පෙරළා දැමූ බව ඉකුත්දා නිවේදනය කළේය. මේ හදිසි අත්පත් කර ගැනීම බුර්කිනා ෆාසෝහි සැලකිය යුතු සහයෝගයකින් පිළිගනු ලැබූ අතර ජාත්‍යන්තර පුළුල්ව පැතිරැණු හෙළා දැකීමට තුඩු දුන්නේය.
2015 සිට, බුර්කිනා ෆාසෝ අසල්වැසි මාලි දේශයේ සිට ආ අල්කයිඩා සහ අයි.එස්.අයි.එල්. (අයිඑස්අයිඑස්) ට සම්බන්ධ කණ්ඩායම් විසින් ක්‍රියාත්මක සන්නද්ධ නැගිටීම්වලට එරෙහිව සටන් කරයි.
2020දී 500 කට ආසන්න වූ ප්‍රහාර සංඛ්‍යාව 2021 දී 1,150ට වඩා වැඩි වී ඇත. සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රචණ්ඩත්වයේ මූලික ගොදුරැ බවට පත්ව ඇත්තේ ප්‍රාදේශීය ආරක්ෂක අංශ සහ සිවිල් වැසියන්ය. එක්සත් ජාතීන්ගේ සරණාගත ඒජන්සිය වන UNHCR විසින් ඇස්තමේන්තු කර ඇති පරිදි, මිලියන 1.4කට වැඩි ජනතාවක් ගැටුමෙන් අවතැන් වී ඇත.
රට තුළ ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ වගකීම අයි.එස්.එස්. වෙත පටවමින් කබොරේ රජය දුර්වල පාලනයක් ගෙන යාම හමුදාවේ සහ රටේ ජනතාවගේ විවේචනයට ලක්ව තිබුණි. රඳවාගෙන සිටින නිලධාරීන් “ආරක්ෂිත ස්ථානයක” රඳවා සිටින බවට මිලිටරි ආණ්ඩුව විසින් ප්‍රකාශ කලද, කබෝෙර් සිටින ස්ථානය තවමත් නොදනී. ආරක්‍ෂාව සහ ප්‍රතිසංස්කරණය සඳහා අලුතින් පිහිටුවන ලද දේශප්‍රේමී ව්‍යාපාරයේ (MPSR) නායකයා ලෙස හමුදාව පෝල් හෙන්රි දමිබා නම් කර තිබේ.
බලයෙන් පහකරන ලද ජනාධිපතිවරයාට සාපේක්ෂව, දමිබා ත්‍රස්තවාදය මැඩලීමේ විශේෂඥයෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරන්නෙකි. පැරිසියේ හමුදා ඇකඩමියේ උපාධිධාරියෙකු වන ඔහු බටහිර අප්‍රිකානු හමුදාවන් සහ ත්‍රස්තවාදය: අවිනිශ්චිත ප්‍රතිචාර? නම් පොතේ කතුවරයාය. එහිදී ඔහු සහෙල් කලාපයේ ත්‍රස්ත විරෝධී උපාය මාර්ග සහ ඒවායේ සීමාවන් විශ්ලේෂණය කර ඇත. කෙසේ වුවද ඔහුගේ අනාගත එල්ලයන් තවමත් පැහැදිලි නැත.