බඩඉරිඟුවලින් පසුව ලොව වැඩිපුරම නිපදවන ධාන්‍ය වර්ගය වන තිරිඟු නිෂ්පාදනයේ ගෝලීය වෙළෙඳපොළේ තුනෙන් පංගුවක් සපයනු ලබන්නේ රුසියාව සහ යුක්රේනය විසිනි. රුසියා - යුක්රේන යුද අර්බුදය හේතුවෙන් බිඳ වැටී ඇති ලෝක වෙළෙඳපොළේ තිරිඟු වෙළෙඳාමේ වැඩි බලයක් දැන් ඉන්දියාවට හිමිවන්නට නියමිතය. සිංගප්පුරුව කේන්ද්‍ර කරගත් අන්තර්ජාතික ඇග්‍රෝ ඉන්ටර්නැෂනල් සමාගමට අනුව රුසියා-යුක්රේන යුද්ධය තවදුරටත් ඇදී ගියහොත් ඉන්දියාවේ තිරිඟු අපනයනය වාර්තාගත අයුරින් ටොන් මිලියන 7 ඉක්මවනු ඇත.
ලොව දෙවැනි විශාලතම තිරිඟු නිෂ්පාදකයා වන ඉන්දියාව සිය නිපැයුම් වැඩි ප්‍රමාණයක් දේශීය වෙළෙඳපොළට නිකුත්කරන බැවින් ගෝලීය වෙළෙඳපොළට සපයනු ලබන්නේ 1%ක ප්‍රමාණයක් පමණි. යුද ගැටුම් හේතුවෙන් යුක්රේනයේ ගොවීන් වැඩි පිරිසක් රටින් පලාගොස් ඇති අතර, තවත් පිරිසක් රැසියානු ආක්‍රමණයට එරෙහිව යුක්රේන හමුදාවට සහාය පළකරමින් සටන් බිමට පිවිස සිටී. රුසියාවට බටහිර රටවල සම්බාධක හේතුවෙන් ධාන්‍ය අපනයනයද බිඳ වැටී ඇත.