2022 මාර්තු 20 වන ඉරිදා

සෙනගාල බෙදුම්වාදීන්ට එරෙහිව හමුදා ප්‍රහාරයක්!

 2022 මාර්තු 20 වන ඉරිදා, පෙ.ව. 10:00 89

සෙනගාල බලධාරීන් රටේ දකුණු ප්‍රදේශයේ බෙදුම්වාදී කණ්ඩායමක් වන Casamance ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ව්‍යාපාරයට සම්බන්ධ සටන්කරුවන්ට එරෙහිව හමුදා ප්‍රහාරයක් දියත් කර ඇත.

ඉරිදා සවස හමුදා මාණ්ඩලික ප්‍රධානියා විසින් කරන ලද ප්‍රකාශයකට අනුව, ප්‍රහාරයේ අරමුන වන්නේ “ප්‍රදේශයේ අපරාධ ක්‍රියාකාරකම් මෙහෙයවන සියලුම සන්නද්ධ කල්ලි විනාශ කිරීම” සහ “ජාතික භූමියේ ඒකාග්‍රතාවය ඕනෑම මිලක් දරා ආරක්ෂා කිරීම”ය.

මෙම මෙහෙයුම ඇරැඹුණේ ගැම්බියාව  අසල  දේශසීමා ප්‍රදේශයේ  දෙපාර්ශවය  අතර සටනේදී සෙනගාල සොල්දාදුවන් හතර දෙනෙකු මියගොස් තවත් හත් දෙනෙකු MFDC සටන්කාමීන් විසින් අල්ලා ගැනීමෙන් සති කිහිපයකට පසුවය. උතුරින් ගැම්බියාව සහ දකුණින් ගිනියා-බිසාවු අතර විහිදී ඇති කලාපය තුළට සීමා වී ඇති Casamance හී    ප්‍රජාතන්ත්‍රවාදී බලවේග ව්‍යාපාරය හෙවත් MFDC’S කැරැල්ලේ ආරම්භය 1982 දක්වා දිව යයි.