අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ප්‍රශංසාව පවා දිනාගත් ඉන්දීය චිත්‍රපටයකට දැන් රට තුළ මුස්ලිම් විරෝධී හැඟීම් ඇති කරන බවට චෝදනා එල්ල වී ඇත.
පසුගිය සතියේ නිකුත් කරන ලද මිනිත්තු 170ක හින්දි භාෂා චිත්‍රපටයක් වන “ද කාශ්මීර් ෆයිල්ස්” ඉන්දීය පාලිත කාශ්මීරයෙන් දහස් ගණන් හින්දු භක්තිකයන් නික්මයාම කේන්ද්‍ර කර තැනූවකි. ඔහුගේ සීයා ඔහුට පැවසූ පරිදි ඔහුගේ කාශ්මීර හින්දු දෙමාපියන් මියගියේ අනතුරකින් නොව කැරලිකරුවන් විසින් මරාදැමූ නිසා බව සොයාගන්නා සිසුවෙකු ගැන ප්‍රබන්ධයක් මෙහි ඇතුළත්ය.
1989දී ඉන්දීය පාලනයට එරෙහිව කැරැල්ලක් හේතුවෙන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකට කාශ්මීරයෙන් පිටවීමට සිදුවිය. නිවාස හා ජීවිත රැසක් අහිමි විය. ඒ බොහෝ දෙනෙක් හින්දු භක්තිකයන් වූහ. ඔවුන් ''කාශ්මීර පණ්ඩිත්වරු'' ලෙස හඳුන්වනු ලැබූ අතර, පසුව උතුරු ඉන්දියාව පුරා කඳවුරුවල ජීවත් විය. කෙසේ වෙතත්, ඒ ප්‍රජාවේ සුළු පිරිසක් මුස්ලිම් බහුතරයක් වෙසෙන නිම්නයේ දිගටම ජීවත් වූහ.
2014 දී බලයට පත් වූදා සිට, මෝදීගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂය (BJP) ඉන්දීය පාලිත කාශ්මීරයට ආපසු යාමට අවශ්‍ය අවතැන් වූ හින්දුවරුන්ට සහාය ලබා දී ඇත. 2019 දී මතභේදයට තුඩු දී ඇති කලාපයේ විශේෂ තත්ත්වය ඉවත් කිරීමෙන් පසු, මෝදීගේ ආණ්ඩුව කලාපයේ ජන විකාශනය වෙනස් කිරීමට සහ ඔවුන්ගේ ඉඩම් සහ ජීවනෝපායන් කොල්ලකෑමට ඉලක්ක කර ඇතැයි ප්‍රාදේශීය මුස්ලිම්වරැන් බිය වන පියවර මාලාවක් ගෙන තිබේ. මෝදී ඉකුත් අඟහරුවාදා එම චිත්‍රපටය ගැන ප්‍රශංසා කළේ, එහි සත්‍යය පෙන්නුම් කරන බවත්, එය අපකීර්තියට පත් කිරීමේ ව්‍යාපාරයක් දැන් සමහරෙක් පවත්වාගෙන යන බවත් පවසමිනි.
කෙසේ වෙතත් 2014 බලයට පත් වූදා සිට මෝදිගේ විවේචකයින් පවසන පරිදි රට තුළ වර්ධනය වන “ආගමික ධ්‍රැවීකරණය” සනාථකරන මනා සාක්ෂියක් ලෙස ඇතැම් විචාරකයෝ මෙම චිත්‍රපටය දකිති. 1989-90 ඒ ප්‍රචණ්ඩකාරී පෙරළිය සහ වර්තමානය යන දෙකම ආශ්‍රිතව සැකසුණු මේ චිත්‍රපටය ඉන්දියානු-පාලිත කාශ්මීර ඉතිහාසයේ බොහෝවිට නොසලකා හරින ලද පරිච්ඡේදයක් මත ආලෝකය විහිදුවන බව චිත්‍රපටයේ ආධාරකරැවෝ පෙන්වා දෙති.