බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර භාණ්ඩ ප්‍රවාහනය භාර ලොව ප්‍රධාන පෙළේ නාවුක ප්‍රවාහන කටයුතු සමාගමක් වන P and O Ferries ඉකුත් බ්‍රහස්පතින්දා එහි කාර්ය මණ්ඩලය 800ක් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත්කර දැමීය. ඉන්පසු ඔවුන් වෙනුවට ලාභ නියෝජිතායතන කාර්ය මණ්ඩලයක් පත් කරන්නට කටයුතු කළේ මහා ආන්දෝලනයකට මඟ පාදමිනි. දැන් ආයතනය එහි සේවා (දින ගණනකට) අවලංගු කර තිබේ.
නමුත් වෘත්තීය සමිති නායකයින් ඒවායේ සේවය කළ කම්කරුවන්ට පැවසුවේ ඔවුන්ගේ නැව් හැරයාම ප්‍රතික්ෂේප කර විශාල පේළියක් ලෙස මධ්‍යයේ (වාඩි වී) සිටින ලෙසයි. ඒ අනුව මේ වනවිට අලුතෙන් පත්කළ නියෝජිතායතන සේවකයින් දැනටමත් තොටුපළවල් අසල යාත්‍රාවන්ට ගොඩවීමට සූදානම්ව පෙළගැසී සිටිති. නමුත් P and O සමාගමේ (ද්‍රෝහී) තීරණයට එරෙහිව පැතිර ගිය කෝපය හේතුවෙන් එහි සිටින පැරැණි සේවකයින් යාත්‍රාවන්ගෙන් බැසීමට පොළඹවා ගැනීමට නොහැකිව සමාගම දැඩි අලකලංචියකට මැදිව සිටිති. සමාගමේ ට්‍රක් රථ සහ ලොරි ප්‍රධාන මාර්ගවල තැන තැන අත්හැර දැමූ ගමන්ය. මේ හේතුවෙන් දිරායන ආහාර විශාල ප්‍රමාණයක් ඇතුළුව එක්සත් රාජධානියේ භාණ්ඩ වෙළඳාමෙන් තුනෙන් එකක් හසුරුවන මාර්ගයක් වන ඩෝවර් සහ කැලේස්හි දැනටමත් විශාල ලොරි පෝලිම් ගැසී එම මාර්ගය සිරවී ඇත.
P and O සමාගම විසින් මේ රැකියා අහිමිවීම් ආන්දෝලනාත්මක ප්‍රකාශය නිකුත් කිරීමට පෙර එහි සියලුම නැව් උපක්‍රමශීලි ලෙස ලෙස නැවත වරායන්ට ගෙනයාමට නියෝග කිරීමෙන් පසු කලබලයට පත් මගීන් සුළු අනතුරු ඇඟවීමකින් පවා තොරව පන්නා දමා ඇත. සමාගම වසා දැමූ ඉකුත් බ්‍රහස්පතින්දා දින සමාගම පැවසුවේ දැනට පවතින වෙන් කිරීම් ඇති පාරිභෝගිකයින්හට විකල්ප ප්‍රවාහන පහසුකම් සපයන බවත්ය.
සමාගමේ සේවකයින් 4,000කට ආසන්න සංඛ්‍යාවක් සිටින අතර 2020 මැයි මාසයේදී ඔවුන්ගෙන් 1,100ක් කොවිඩ් හේතුවෙන් සේවයෙන් පහකළ හැකි බවට අනතුරු ඇඟවීම නිකුත් විය. යාත්‍රා කිරීම් මෙහෙයවීම සඳහා එය පවුම් මිලියන 33ක හදිසි අරමුදල් ලබා ගත් නමුත් මූල්‍යමය වශයෙන් ස්ථාවර වීමට දිගටම දැඩි අරගලයක යෙදී ඇත.
P and O Ferries අයිති වන්නේ ඩුබායි පදනම් කරගත් ලොජිස්ටික් දැවැන්තයෙකු වන DP World වෙතය. DP World හි ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ සුල්තාන් අහ්මෙඩ් බින් සූලායෙම්ය. ඔහුගේ සමාගම පසුගිය වසරේ ඩොලර් මිලියන 896 (£ 683) ලාභයක් සහ ඉහළ ගිය ආදායමක් වාර්තා කළේය.
P and O යාත්‍රා නාවුක මාර්ග හතරක ක්‍රියාත්මකය. ඩෝවර් සිට කැලේස් දක්වාද, හල් සිට රොටර්ඩෑම්දක්වාද, ලිවර්පූල් සිට ඩබ්ලින් දක්වා සහ ස්කොට්ලන්තයේ කේන්රියන්, සිට උතුරු අයර්ලන්තයේ ලාර්න් වෙතය. බෙල්ජියමේ Hull සහ Zeebrugge අතර යාත්‍රා කිරීම 2021 ජනවාරි මාසයේදී නවතා දමන ලදී. වසංගතයට පෙර සමාගම වසරකට මගීන් මිලියන 10ක් රැගෙන ගිය අතර එක්සත් රාජධානියේ සහ ඉන් පිටත සියලුම භාණ්ඩ ප්‍රවාහන භාණ්ඩ වලින් 15%ක් පමණ රැගෙන ගියේය. නමුත් බොහෝ ප්‍රවාහන සමාගම් මෙන් Covidහි බලපෑම සමඟ පොරබදමින් සිටී. ව්‍යාපාරය (ශක්‍ය සහ තිරසාර) බවට පත් කිරීමේ සැලැස්මේ කොටසක් ලෙස කම්කරුවන් 1,100කට පමණ රුකියා අහිමි විය හැකි බවට 2020 මැයි මාසයේදී එය අනතුරු ඇඟවීය. P and O Ferries හි දැනට සිටින සේවකයන්ට ඉදිරියේදී වැඩ සඳහා පත්කර ඇති අලුත් නියෝජිතායතනයට අයදුම් කළ හැකි බව කියා තිබේ.
ප්‍රවාහන ලේකම් ග්‍රාන්ට් ෂැප්ස් බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය අතර භාණ්ඩ ප්‍රවාහනයට ඇති බාධා අවම කිරීම සඳහා හදිසි සාකච්ඡා පවත්වන බව නිවේදනය කිරීමත් සමඟ මේ දිග හැරෙන තත්ත්වය පිළිබඳව ඇමතිවරු ඉතා කනස්සල්ලට පත්ව සිටිති.