2022 මාර්තු 27 වන ඉරිදා

මහාද්වීප 2ක් අතර විනාඩි 6න්: ලොව දිගම එල්ලෙන පාලම තුර්කියේ!

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 66

මහාද්වීප 2ක් අතර විනාඩි 6න් ගමන් කිරීමට පහසුව සලසන ලොව දිගම එල්ලෙන පාලම තුර්කියේදී විවෘත විය. තුර්කියේ Dardanelles සමුද්‍ර සන්ධිය හරහා ඉදිකරනු ලැබූ මේ දැවැන්ත එල්ලෙන පාලම විවෘත කළේ තුර්කි ජනාධිපති තායීප් ඒර්දොගාන්ය.

තුර්කියේ යුරෝපීය සහ ආසියානු වෙරළ කලාප සම්බන්ධ කරන මෙම පාලම ඩොලර් බිලියන 2.8ක ආයෝජනයකි. එය ඉදිකර ඇත්තේ තුර්කි සහ දකුණු කොරියානු සමාගම් විසිනි. ඩාර්ඩනෙල්ස් පාලම් ව්‍යාපෘතියේ කටයුතු 2017 මාර්තු මාසයේදී ආරම්භ කරන ලද අතර, ඉදිකිරීම් සඳහා 5,000 කට අධික කම්කරුවන් සම්බන්ධ වූ බව සඳහන් වේ. පාලමෙහි කුලුනු මීටර් 318 (යාර 347.8) ක් උස වන අතර පාලමේ සම්පූර්ණ දිග කිලෝමීටර් 4.6 (සැතපුම් 2.9) කි.

මේ වනතෙක්, ඇනටෝලියාව සහ Gallipoli අර්ධද්වීපය අතර ගමන් කරන වාහනවලට Dardanelles හරහා යාමට ගතවූ කාලය පැය පහක් පමණ විය. පාලම ඉදි කිරීමෙන් පසු එම ගමනට ගතවන කාලය විනාඩි හයක් පමණි. ඒ අනුව එක් මහාද්වීපයක සිට තවත් මහාද්වීපයකට යාමට දැන් ගතවන කාලය මිනිත්තු හයකි. මෙම පාලම ආසියාව සහ යුරෝපය යා කරමින් බොස්පොරස් සහ ඩාර්ඩනෙල්ස්හි තුර්කි සමුද්‍ර සන්ධියට ඉහළින් ඇති සිව්වන පාලමයි. මේ වනවිට ලෝකයේ දිගම එල්ලෙන පාලම් 10න් 03ක්ම ඇත්තේ තුර්කිය සතුවය. 

මෙය ජනාධිපතිවරයාගේ  වසර 20ක පාලන කාලය තුළ ඔහු ප්‍රමුඛත්වය දුන් ප්‍රධාන යටිතල පහසුකම් ව්‍යාපෘති මාලාවක ප්‍රධානත්වය ගත් ව්‍යාපෘතියකි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00