2022 මාර්තු 27 වන ඉරිදා

අමෙරිකාවේ ප්‍රථම රාජ්‍ය ලේකම්වරිය දිවියෙන් සමුගනී

 2022 මාර්තු 27 වන ඉරිදා, පෙ.ව. 10:00 141

එක්සත් ජනපදයේ ප්‍රථම රාජ්‍ය ලේකම්වරිය වූ මැඩ්ලීන් ඔල්බ්‍රයිට්ගේ අභාවය පසුගිය සතියේ ජාත්‍යන්තර මාධ්‍ය තුළ ප්‍රධාන කතාබහකට හේතු විය. පවුලේ අය “ට්වීටර්” කර තිබූ ආකාරයට එක්සත් ජනපදයේ 64 වැනි රාජ්‍ය ලේකම් සහ එම ධූරයට පත්වූ පළමු කාන්තාව වූ ආචාර්ය මැඩ්ලීන් කේඔල්බ්‍රයිට් අභාවප්‍රාප්ත වීමට හේතුව පිළිකාවකි. මියයන විය ඇය 84 හැවිරිදි වියේ පසු වූවාය.

ඔල්බ්‍රයිට් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද නියෝජිතයා මෙන්ම ජනාධිපති බිල් ක්ලින්ටන් යටතේ එරට රාජ්‍ය ලේකම් විය. දෙවැනි ලෝක යුධ සමයේදී ඇයගේ උපන් රට වන චෙකොස්ලෝවැකියාවේ ප්‍රාග් නුවරට අරක්ගත් නාසීන්ගෙන් බේරි පලා ගිය කුඩා දරුවෙක් වූ මැඩ්ලීන් ඔල්බ්‍රයිට් පසුව එක්සත් ජනපදයේ පළමු කාන්තා රාජ්‍ය ලේකම්වරියගේ ධුරය දක්වා දිගු ගමනක් ගියාය.

ඔල්බ්‍රයිට් යනු 1990 ගණන්වල බොස්නියා - හර්සගොවිනාවේ ජන සංහාර සම්න්ධයෙන්  වූ විශාලතම විදේශ ප්‍රතිපත්ති අර්බුද දෙක සම්බන්ධයෙන් දැඩි කතාබහට ලක්වූ රාජ්‍ය තාන්ත්‍රිකයෙකි. 1993 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ එක්සත් ජනපද තානාපති බවට පත් වූ ඇය, බොස්නියාවේ සර්බියානුවන්ට එරෙහිව දැඩි පිළිවෙතක් සඳහා බලපෑම් කර තිබුණි. එහෙත් ජනාධිපති බිල් ක්ලින්ටන්ගේ පළමු ධූර කාලය තුළ, පරිපාලනයේ ඉහළම විදේශ ප්‍රතිපත්ති විශේෂඥයින් බොහෝ දෙනෙකු එක්සත් ජනපදය වියට්නාමයේ සිරවී සිටි ආකාරය පැහැදිලිව සිහිපත් කරමින් බෝල්කන් ප්‍රදේශයේ එම වරද නැවත නොකිරීමට අධිෂ්ඨාන කරගෙන පසුගාමීව කටයුතු කර තිබුණි. මේ නිසාම නේටෝව සමග ඒකාබද්ධ ගුවන් ප්‍රහාර මගින් සර්බීයානු යුද්ධය මැඩලීම සඳහා අමෙරිකාව වසර 3ක්ම කල්මරමින් සිටියේය. මැඩ්ලින්ගේ දැඩි මැදිහත්වීම ඇති වූයේ මේ සමයේදීය. ඇය කෙලින් දැඩිව කතාකළ නිලධාරිනියකි.

ඇය වරක් පෙන්ටගනයේ ප්‍රධානියා අන්දමන්ද කර දැමුවේ ඔවුන් කිසිදු විටෙක ඒවා භාවිතා නොකරන්නේ නම් හමුදාව මිලියනයකට වඩා පිරිමින් සහ කාන්තාවන් ආයුධ දී තබාගත්තේ මන්දැයි විමසමිනි. ඒ සමයේදි ඔල්බ්‍රයිට් එක්සත් ජාතීන්ගේ යුද අපරාධ අධිකරණයට සහාය දුන් අතර එමඟින් සර්බියානු ජනාධිපති ස්ලෝබොඩාන් මිලොසෙවික් සහ බොස්නියානු සර්බියානු නායකයින් ඇතුළුව එම යුද්ධයේ  නිර්මාණකරුවන් සිරගත කරන්නට මඟපෑදීය.

එහි න්‍යෂ්ටික අවි වැඩසටහන අවසන් කරන ලෙස උතුරු කොරියාවට බලපෑම් කිරීම සඳහා ඔල්බ්‍රයිට් 2000 දී උතුරු කොරියානු නායක කිම් ජොං-ඉල් හමුවීමට පියොංයැං වෙත ගියාය. ඒ අනුව එරටට පැමිණි ඉහළම එක්සත් ජනපද නිලධාරියා බවට පත්වූවාය.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00