රුසියානු හමුදා යුක්රේන නගරවලට බෝම්බ හෙලීමත් සමඟම, එම ව්‍යාකූලත්වය මධ්‍යයේ, හත් හැවිරිදි අමෙලීයා ඇනිසොවිච් Amelia Anisovych මාර්තු 6 වැනි දින කියේව් හි නවාතැනක සැඟවී සිටියදී පවුලේ සාමාජිකයින් සහ අසල්වාසීන් පිරිසක් මධ්‍යයේ “ලෙට් ඉට් ගෝ'' ගීය ගායනා කරමින් ලොවපුරා මිනිසුන්ගේ දෑස් කඳුළින් තෙත් කළාය. ඉන් ඇය සමාජ මාධ්‍ය අතර දැඩි ප්‍රසිද්ධියක් ලැබුවාය.
දැන්, එම සිත් ඇදගන්නා සුළු වීඩියෝවෙන් සති කිහිපයකට පසු, කුඩා ඇනිසොවිච් නැවත වරක් අන්තර්ජාලය පුරා විස්මයට පතුරවන්නට සමත් වූවාය. ඒ පෝලන්තයේ ලොඩ්ස්හි ඇට්ලස් අරීනාහිදී තම රටේ ජාතික ගීය අලංකාර ලෙස ගායනා කරමිනි. යුක්රේනයේ සාම්ප්‍රදායික ඇඳුමින් සැරසී ගායනය කරමින් ඇය පිටියට පැමිණ සිටි ප්‍රේක්ෂක හදවත් උණුසුම් කළාය. ප්‍රේක්‍ෂකයින් ඇයගේ පරිපූර්ණ රංගනය සඳහා ගිගුරුම් සහිත අත්පොළසන් හඬකින් ප්‍රතිචාර දක්වනු අසන්නට ලැබිණි.
ඩිස්නිහි ජනප්‍රිය චිත්‍රපටයක් වන ‘ෆ්‍රෝසන්‘ හි මෙම ගීතය යුක්‍රෙනියානු භාෂාවෙන් ආශ්වාදජනක ලෙස ගායනා කරමින් ඇය නැවතත් සමාජ මාධ්‍ය තරුවක් බවට පත් වූවාය. කුඩා දැරියගේ වීඩියෝව නැවතත් අන්තර්ජාලය හරහා විශාල කතාබහක් ඇති කළ අතර, ඇයව ''බලාපොරොත්තුවේ පහනක්'' ලෙස වර්ණනා කළහ. බොහෝදෙනා ඇය ආරක්ෂිතව පෝලන්තයේ සිටින බව දැන සතුටට පත් වූ අතර, තවත් අය ප්‍රාර්ථනා කළේ ඇය ඉක්මනින්ම ඇගේ දෙමාපියන් සමඟ නැවත එක්වනු ඇතැයි කියාය.