2022 අප්‍රේල් 03 වන ඉරිදා

ඉම්රාන් ඛාන්ගේ කළු ඉරිදාව!

 2022 අප්‍රේල් 03 වන ඉරිදා, පෙ.ව. 10:00 80

පකිස්තාන අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහි විශ්වාසභංග යෝජනාවට පාර්ලිමේන්තුව අප්‍රේල් 3 ඉරිදා ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත අතර ඔහුගේ රජය දැඩි අවදානමකට මුහුණ දී තිබේ. අගමැති ඉම්රාන් ඛාන්ට සහාය දුන් පාර්ලිමේන්තුවේ  සාමාජිකයින් 7 දෙනෙකු සිටින MQM පක්ෂය විශ්වාසභංගයේදී විපක්ෂයට සහය දීමට තීරණය කිරීමත් සමග ආණ්ඩුවට බහුතරය අහිමිවී ඇත. ඔහුගේ PTI පක්ෂයට සහය දක්වන තවත් පක්ෂ කිහිපයක් මේ වනවිට සන්ධානයෙන් ඉවත් වී ඇති අතර ඔවුන්ද ඔහුට විරැද්ධව ඡන්දය දීමට බොහෝ දුරට ඉඩ තිබේ.

පකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව එරට විපක්ෂයේ දේශපාලන පක්ෂ ඒකාබද්ධව පසුගිය සතියේ (29) විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළේය. පාකිස්ථානයේ ආර්ථිකය නිසි ලෙස කළමනාකරණය නොකිරීමෙන් රට බරපතළ අර්බුදයකට ඇදදමා ඇතැයි, චෝදනා කරමින් ඉදිරිපත් කර ඇති මෙම විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන්  දින 7ක් තුළ ඡන්දය විමසීමද කළ යුතුව ඇත. ඒ අනුව මේ ඉරිදාව ඛාන් හට කළු ඉරිදාවක් වීමට බොහෝදුරට ඉඩ ඇත. මේ ඛාන්ගේ අවසන් දේශපාලන ඉණිම වන්නටද ඉඩ ඇති බව විචාරක මතයයි.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00