න්‍යෂ්ටික අවිගත් රුසියානු බෝම්බ ප්‍රහාරක ජෙට් යානා යුරෝපා සංගමයේ ගුවන් සීමාවට ඇතුළු වූ බව වාර්තා වේ. ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රහාරක ගුවන් යානා හතරක් බෝල්ටික් මුහුදට ඉහළින් ගොට්ලන්ඩ් දූපත දෙසට කඩා වැදුණු බව ස්වීඩන් මාධ්‍ය වාර්තා කියයි. රුසියානු සුඛෝයි සූ-27 ප්‍රහාරක ගුවන් යානා දෙකක්, පිරිවරා ගත් Sukhoi Su-24s වර්ගයේ බෝම්බ යානා දෙකක් මේ මෙහෙයුමට එක්ව ඇත.
මාර්තු 2 වැනි දින මෙම සිද්ධියට අදාළ යුද ගුවන් යානා කලිනින්ග්‍රෑඩ් ප්‍රදේශයේ රුසියානු ගුවන් කඳවුරෙන් පිටත් වූ බව වාර්තා විය. ස්වීඩන් JAS 39 Gripen ජෙට් යානා එම ගුවන් යානාවලට බාධා කිරීමට යවන ලදී. පුටින්ගේ යානා විනාඩියක් පමණ ස්වීඩන් ගුවන් සීමාවේ රැඳී සිට ඇත.
රුසියානු බෝම්බ හෙලන යානා බටහිර රටවල් අසල අභ්‍යාසයේ යෙදී සිටියදී න්‍යෂ්ටික අවි රැගෙන ගිය බවට මීට පෙර වාර්තා විය. අවම වශයෙන් අවස්ථා දෙකක දී පුටින්ගේ ගුවන් යානා එක්සත් රාජධානිය ආසන්නයේ න්‍යෂ්ටික අවි රැගෙන ගොස් ඇති බව 2015 දී වාර්තා වී ඇත.
මෙම පියවර ස්වීඩනය බිය ගැන්වීමට හිතාමතාම ගත් උත්සාහයක් ලෙස විශ්වාස කරන බව මාධ්‍ය කියයි. ස්ටොක්හෝම් මේ යානා සහ ඒ හා සම්බන්ධ බාධා කිරීම් කලින් තහවුරු කළ නමුත් පුටීන්ගේ ජෙට් යානා න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ වීම පිළිබඳ වාර්තා එළියට පැමිණ ඇත්තේ දැන්ය. නමුත් ස්ටොක්හෝම් මේ ගැන තහවුරු කර නැත. ස්වීඩනය මේ සිද්ධීය වනවිට අසල්වැසි ෆින්ලන්තය සමඟ හමුදා අභ්‍යාස පවත්වමින් සිටියේය. මේ දෙරටම නේටෝ සංවිධානයේ සාමාජිකයෝ නොවෙති.
මේ ගුවන් අවකාශය ආක්‍රමණය සිදුව ඇත්තේ යුක්රේනයට යුද ටැංකි නාශක අවි 5,000ක් ඇතුළු හමුදා ආධාර යැවීමට ස්වීඩනය ප්‍රතිඥා දීමෙන් පසුවය. 1939න් පසු ස්වීඩනය යුද්ධයකදී රටකට ආයුධ යවන්නට ඉදිරිපත්වූ පළමු අවස්ථාව එය විය.