2022 අප්‍රේල් 10 වන ඉරිදා

එළවළු තෙලේ බලෙන් අහසට ජෙට් !

 2022 අප්‍රේල් 10 වන ඉරිදා, පෙ.ව. 10:00 159

ලොව ප්‍රථමවරට එයාර්බස් A380, යානයක් කෑම පිසින එළවළු තෙලේ බලෙන් පියාසැරියක යෙදී වාර්තාවක් තැබුවේය.

මේ පරීක්ෂණ ගුවන් යානය මාර්තු 25 වන දින එයාර්බස් හි ප්‍රංශ මූලස්ථානය වන ටූලූස් හි බ්ලැග්නැක් ගුවන් තොටුපළෙන් අහසට නැඟී පැය තුනක පියාසැරියක් සම්පූර්ණ කළේය. එදා  එය ප්‍රධාන වශයෙන් භාවිතා කරන ලද ඉන්ධනය වුයේ  වරක් භාවිතාකළ  ආහාර පිසින තෙල් සහ අපද්‍රව්‍ය ලෙස ඉවත්වූ මේද වලින් සාදන ලද තිරසර ගුවන් ඉන්ධනයක්, Sustainable Aviation Fuel, හෙවත් SAF මිශ්‍රණයකි.මේ මිශ්‍රණය සාදා තිබුණේ කැනෝලා සහ ඔලිව් තෙල්එකතුවකිනි. ඒ නව ඉන්ධනය මගින් බලගන්වන ලද යානය  තනි Rolls-Royce Trent 900 එන්ජිමකින් ක්‍රියාත්මක විය.

පසුව එයාර්බස් විසින් දෙවැනි පර්ෙය්ෂණ A380 ගුවන් යානයක් මුල් යානය අනුගමනය කරමින්, එම ඉවුම් පිහුම් තෙල් ඉන්ධනයම භාවිතා කරමින්, මාර්තු 29 වන දින, ටූලූස් සිට නයිස් දක්වා පියාසර කරවන ලදී. දෙවන ගුවන් ගමන වූයේ ගුවන්ගත වීමේදී සහ ගොඩබෑමේදී SAF භාවිතය නිරීක්ෂණය කිරීමයි.

කැනෝලා සහ ඔලිව් තෙල් එකතුව අධික ලෙස රත්කර සිදුකරන ලද සංස්ලේෂණ ක්‍රියාවලියකින් මේ නව ඉන්ධනය සාදා ඇත. භාවිතා කරන ලද ඉන්ධන ප්‍රංශයේ නෝමන්ඩි ප්‍රදේශයේ පිහිටි Total Energies සමාගම විසින් සපයන ලදී. 

එයාර්බස් විසින් පසුගිය වසර කිහිපය පුරා මෙබඳු විවිධ තිරසර ගුවන් ඉන්ධන හෙවත් SAF බලයෙන් ක්‍රියාත්මක වන පියාසැරි භාවිතය පරීක්‍ෂා කරමින් සිටියි. 2021 මාර්තු මාසයේදී ඒ අනුව A350 මාදිලියේ යානයක් පරීක්‍ෂා කරන ලද අතර, ඔක්තෝබර් මාසයේදී A319 neo ගුවන් යානයක් කෑම පිසින තෙල් යොදා පියාසර කරන ලදී. 

මේ දශකය අවසන් වනවිට SAF භාවිතා කර පියාසර කිරීමට තම ගුවන් යානාවන්ගේ තත්ත්වය සහතික කර ගැනීමට සමාගම බලාපොරොත්තු වේ. දැනට, එයාර්බස් ගුවන් යානා 50෴ක් සාම්ප්‍රදායික භූමිතෙල් සමඟ මිශ්‍ර කර තැනූ SAF මගින් බල ගැන්විය හැකිය.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00