බුර්කිනාවේ අධිකරණය විසින් එරට හිටපු ජනාධිපති බ්ලේස් කොම්පාරේට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ. ඒ ඔහුගේ පූර්වගාමියා වූ තෝමස් සංකාරා ඝාතනය කිරීම සම්බන්ධයෙනි. තවත් ප්රධාන සැකකරුවන් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කෙරුණි.
නඩුවේ මුලසුන දැරූ හමුදා විනිශ්චය සභාව තවත් සැකකරැවන් 8 දෙනෙකුට වසර තුනේ සිට 20 දක්වා සිරදඬුවම් නියම කළ අතර තවත් විත්තිකරුවන් තිදෙනෙකු නිදොස් කොට නිදහස් කළේය.
1987 ඔක්තෝබර් 15 වැනිදා ඔහුගේ මිතුරා සහ සන්නද්ධ සගයා වූ Compaore විසින් මෙහෙයවන ලද කුමන්ත්රණයකදී ඝාතනය කරන ලද සංකාරාගේ ඝාතනය පිළිබඳ පැවැති මාස හයක දීර්ඝකාලීන නඩු විභාගය අවසන් කරමින් ඉකුත් බදාදා තීන්දුව ගෙන ආවේය. තවත් 13 දෙනකු සමඟ නඩු විභාගයට ලක් වූ කොම්පාරේට එරෙහිව වසර 30ක සිර දඬුවමක් චෝදකයන් ඉල්ලා තිබුණි.
1983දී බලයට පත් වූ මුල් පෙලේ අප්රිකානු නායකයෙකු වූ සංකාරා වයස අවුරුදු 37දී තවත් රාජ්ය නිලධාරීන් 12 දෙනෙකු සමඟ මරා දමන ලදී’ Compaore ඔහුගේ අනුප්රාප්තිකයා බවට පත් වූ අතර, ඔහු 2014 කැරුල්ලකින් බලයෙන් ඉවත් කරන තෙක් පාලනය කළේය. අනතුරැව Compaore අසල්වැසි අයිවරි කෝස්ට් වෙත පලා ගිය අතර එහිදී ඔහුට පුරවැසිභාවය ලබාදෙන ලදී.
වසර 35කට පෙර ඔහුගේ මරණයෙන් පසුව අද පවා, සංකාරා ඔහුගේ සමාජවාදී ප්රතිසංස්කරණ සහ දේශන සඳහා බටහිර අප්රිකාව පුරා අතිශයින් ජනප්රියය. තවමත් ඔහු මාක්ස්වාදී විප්ලවවාදියෙකු සහ කියුබානු විප්ලවයේ එක් ප්රතිමූර්තියක් සිහිගන්වමින් අප්රිකානු චේගුවේරා ලෙසින් ඇතැමුන් විසින් හඳුන්වනු ලැබේ. ඔහු ජනාධිපති ලෙස සිටි කාලය තුළ, කලින් ඉහළ වෝල්ටා ලෙස තිබූ මෙම ප්රංශ යටත් විජිතයේ නම බුර්කිනා ෆාසෝ ලෙස වෙනස් කළේය, එහි අර්ථය “සෘජු අයගේ දේශය” යන්නයි.