2022 අප්‍රේල් 24 වන ඉරිදා

වසර 20 කට පසු ඩාවින්ගේ සටහන් නැවත හමුවෙයි!

 2022 අප්‍රේල් 24 වන ඉරිදා, පෙ.ව. 10:00 152

වසර 20 කට පෙර මුළුමණින්ම අතුරුදහන් වූ බවට වාර්තා වූ චාල්ස් ඩාවින්ගේ සටහන්වලින් පුරවා ඇති දුර්ලභ සටහන් පොත් කට්ටලයක්, කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයට නිර්නාමිකව ආපසු ලබා දී ඇත.

මේ අන්දමට ලැබුණේ සටහන් පොත් දෙකකි. ඉන් එකක් ඩාවින්ගේ සුප්‍රසිද්ධ 1837 "Tree of Life” හි කටුසටහන ඇතුළත් පොතය. 2022 මාර්තු මාසයේදී කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පුස්තකාලයට මේවා ආපසු ලබා දී ඇති  බව විශ්වවිද්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

සටහන් පොත් සහ දුඹුරු ලියුම් කවරයක් තුළ වූ අත්සන් නොකළ මුද්‍රිත සටහනක් රෝස පැහැති තෑගි මල්ලක් තුළ බහා ප්ලාස්ටික් වලින් ඔතා, ඒවා පුස්තකාලයාධිපතිගේ  කාර්යාලයෙන් පිටත තබා තිබුණු බව වාර්තාවිය. ''පුස්තකාලයාධිපති, සුභ පාස්කුවක්,  - X,''ලෙස  සටහනේ සඳහන් විය.

''මිලියන ගණනක්'' වටිනා බව විශ්වවිද්‍යාලය විශ්වාස කරන එම සටහන් පොත් සහිත වූ කුඩා පෙට්ටිය 2001 ජනවාරි මාසයේ සාමාන්‍ය පරීක්ෂාවකදී අතුරුදහන් වී ඇති බව හෙළි වී ඇති  අතර, විශ්ව විද්‍යාලයේ විශේෂ එකතුවෙහි නිවැරදි ස්ථානයට ආපසු ලබා දී නොමැති බව අනාවරණය විය.

පසුව වසර ගණනාවක් පුරා කළ ''සම්පූර්ණ'' සෙවීමකින් පසුව, විශ්ව විද්‍යාලය 2020 නොවැම්බර් මාසයේදී නෝට්බුක් අතුරුදහන් වී ඇති බව සහ සොරකම් කර ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කළේය. එකල විශ්ව විද්‍යාලය පොත් සොයා ගැනීමට උපකාර කරන ලෙසට ගෝලීය ඇයැදුමක් නිකුත් කර තිබුණි. ලන්ඩනයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයට අනුව, පරිණාමවාදයේ න්‍යාය සන්දර්භගත කිරීමට ඩාවින් ජීවයේ ගස පිළිබඳ අදහස භාවිතා කළ අතර, පෘථිවියේ සියලුම විශේෂයන් හවුල් මුතුන් මිත්තෙකුගෙන් සම්බන්ධ වී පරිණාමය වූ ආකාරය එය පෙන්වයි.

ඔහුගේ ප්‍රථම "Tree of Life” කටු සටහන ඇඳ ඇත්තේ 1837 ග්‍රීෂ්ම ඍතුවේදී, ඔහු HMS Beagle නැවේ ලෝක ව්‍යාප්ත ගමනෙන් එංගලන්තයට ආපසු පැමිණ වසරකට පසුවය. දශක දෙකකට වැඩි කාලයකට පසු, ඩාවින් ඔහුගේ වෘත්තීය ජීවිතයේ වඩාත්ම වැදගත් ග්‍රන්ථය වන ''විශේෂයන්ගේ  සම්භවය'' ප්‍රකාශයට පත් කළේය, එහිදී ඔහු අදටත් මුල් තැන ගත් පරිණාමය පිළිබඳ ඔහුගේ පුළුල් අදහස් ලොවට ප්‍රකාශ කළේය.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00