2022 මැයි 29 වන ඉරිදා

ඩුබායි කාන්තාරයේ අඟහරු නගරය

 2022 මැයි 29 වන ඉරිදා, පෙ.ව. 10:00 261

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉදිරි වසර 100 තුළ අඟහරු ග්‍රහයා යටත් විජිතයක් බවට පත් කිරීමේ අභිලාෂයෙන් පසුවෙති. එහි ගෘහ නිර්මාණ ශිල්පීන් දැනටමත් අඟහරු නගරයක් ප්‍රතිනිර්මාණය කිරීමට සැලසුම් කරති. ඒ ඩුබායි නගරයෙන් පිටත කාන්තාරයේය.

එය මාර්ස් සයන්ස් සිටි ලෙස නම් කර ඇත. මේ සඳහා ප්‍රථමයෙන් වෙන්කර ඇත්‌තේ  වර්ග මීටර් 176,000ක කාන්තාර ප්‍රදේශයක් ආවරණය කිරීමටය. ඒ  පාපන්දු ක්‍රීඩාංගණ 30කට වැඩි ඉඩ ප්‍රමාණයකි. ඒ සඳහා  ආසන්න වශයෙන් ඩොලර් මිලියන 135ක් වැය වනු ඇත.

ඩුබායිහි Mohammed Bin Rashid අභ්‍යවකාශ මධ්‍යස්ථානය (MBRSC) අඟහරු ග්‍රහයා ජනාවාස කිරීමට අවශ්‍ය තාක්‍ෂණය දියුණු කිරීම සඳහා අවකාශයක් ලෙස මෙය භාවිත කරන්නට යති. අඟහරු ග්‍රහයා මත ජීවය පවත්වා ගැනීමට සුදුසු නගරයක මූලාකෘතියක් නිර්මාණය කිරීමට ගෘහ නිර්මාණ ශිල්පීන් එමිරාටි කාන්තාරයේ වැඩ අරඹා හමාරය.

අඟහරු නගරයේ සුවපහසු උෂ්ණත්වයක් සහ වාසයට සුදුසු වායු පීඩනයක් පවත්වා ගැනීම සඳහා, අඟහරු නගරය විනිවිද පෙනෙන පොලිඑතිලීන් පටලයකින් ආවරණය කර ඇති පීඩන යෙදූ ජෛවගෝල පද්ධති වලින් සමන්විත වේ. භූගත අයිස්වලට විදුලිය යෙදීමෙන් සාදන ලද ඔක්සිජන්, සෑම ජෛවගෝලයක්ම පුරවනු ඇත. සූර්ය ශක්තියෙන් නගරය බලගන්වා රත්කරනු ලබන අතර සිහින් වායුගෝලය ඇත්ත වශයෙන්ම ගෝලාකාර උෂ්ණත්වය පවත්වා ගැනීමට උපකාරී වේ අඟහරු පස භාවිතා කරමින් ජෛවගෝලය තුළ ගොඩනැගිලි ත්‍රිමාණ මුද්‍රණය  භාවිතයෙන් ගොඩනැගෙනු ඇත. හානිකර විකිරණ සහ උල්කාපාත වලින් ආරක්ෂා වන පරිදි කාමර අඩි 20ක් පොළොව යටට විහිදී ඇත.