2022 ජුනි 05 වන ඉරිදා

රැජනගේ ජුබිලියට ස්ටෝන්හෙන්ජ් වෙස්මාරුව!

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 153

දෙවැනි එළිසබෙත් රුජනගේ ප්ලැටිනම් ජුබිලි සැමරුම් උළෙලට සමගාමීව දැන් රටපුරා සමරු තහඩු, ටී-ෂර්ට් සහ විසිතුරු ධජවල හිඟයක් නොමැත. දැන් මේ සමරුවට අලුතින්ම එක්ව ඇත්තේ වසර 5,000ක් පැරුණි ඓතිහාසික ස්ටෝන්හෙන්ජ්ය.

ඇගේ පාලන සමයේ 70 වසර සනිටුහන් කරමින්, ඇගේ පාලන සමයේ සෑම දශකයකින්ම එක පින්තූරයක් බැගින් නිරෑපනය වන සේ මේ ඉපැරුණි ගල් පුවරු මත එළිසබෙත්ගේ ඡායාරූප ප්‍රක්ෂේපණය කිරීමෙන් අමුතුම කැපී පෙනෙන සමරුවක් නිර්මාණය කර ඇත. රට පුරා ඓතිහාසික ස්ථාන කළමනාකරණය කරන පුණ්‍යායතනයක් වන ඉංග්‍රීසි හෙරිටේජ්  මේ අමුතු නිර්මාණයට අත ගැසූ උදවියයි. සඳුදා, එම සංවිධානය ට්විටර්හි පළ කළේ ඔවුන්  වසර 5,000ක් පැරුණි ගල් පුවරු මත එළිසබෙත්ගේ ඡායාරෑප ප්‍රක්ෂේපණය කිරීමෙන් “බ්‍රිතාන්‍ය ජාතික අයිකන දෙකක් එකට එක්කරන්නට සමත් වූ බවය”

නමුත් මේ අමුතු සමරු පලකය ගැන දැන් රට තුළ පතළව ඇත්තේද අමුතු කතාබහකි. ට්විටර් සමාජ ජාලය තුළ මේ ගැන එබඳු කතා වැහි වැස්සේය.

සමහරු මේ  උපහාරය ''ලස්සන'' ලෙස හැඳින්වූ අතර තවත් සමහරු ඒ ගැන විහිළු කළහ. ''ඔවුන්ගේ  ස්ටෝන්හෙන්ජ් සමරුව  පවුමේ  සාප්පු ලයිටර එකතුවක් මෙන් දිස් විය,'' යැයි  එක් පරිශීලකයෙක් ලිවීය, තවත් අයෙකු එය ''මුළුමණින්ම නොගැලපෙන ක්‍රියාවක්'' ලෙස හැඳින්වීය. එය පූජනීය යැයි සලකන ආගමික වැදගත්කමක් ඇති ඓතිහාසික ස්ටෝන්හෙන්ජ් කෙළෙසීමක් ලෙස විස්තර කළ පෝස්ට්ද පළ විය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00