2022 ජුනි 05 වන ඉරිදා

මේ 3 වැනි ලෝක යුද්ධයයි! රුසියානු ජනමාධ්‍යකාරියක අනතුරු අඟවයි!

 2022 ජුනි 05 වන ඉරිදා, පෙ.ව. 10:00 155

රුසියානු ජනමාධ්‍යකාරියක අනතුරු අඟවයි!

රුසියානු ජනාධිපති පූටින් පිළිකා රොගියෙක් බවටත් ඔහුගේ අවසන් දින කිහිපය ගනිමින් සිටින බවටත් ඔහුගේ අනුප්‍රාප්තකයා මෑතකදී නම් කළ බවටත් විවිධ දූෂමාන ආරංචි පැතිරෙද්දී 3 වැනි ලෝක  යුද්ධයක ආරම්භය ගැන භීතිය වඩන අනතුරු ඇඟවීමක්ද නැවත නිකුත් වී තිබේ. ඒ ජනමාධ්‍යකාරියක වෙතිනි.

“තුන්වැනි ලෝක සංග්‍රාමය දැනටමත් ආරම්භ වී ඇත” යනුවෙන්  Russian One විකාශක ඔල්ගා ස්කබෙයෙවා බටහිරට එරෙහිව යුද්ධය පසුගියදා නැවතත් ප්‍රකාශ කළාය. යුක්රේන යුද්ධයට මැදිහත්වීම සඳහා එක්සත් රාජධානිය සහ ඇමරිකාවට ''දැඩි මිලක් ගෙවන්නට සිදුවෙනු ඇති'' බවට රූපවාහිනියෙන් පූටින්හට හුරේ දමන්නියක ලෙස ප්‍රකට මෙම ජනමාධ්‍යකාරිය සිය සංදර්ශනය අතරතුර සමස්ත නේටෝ සන්ධානයම නිර්හමුදාකරණයට ලක්කරන ලෙස ඉල්ලා සිටියාය. රාජ්‍ය රූපවාහිනී නාලිකාවක් වන Russia Oneහි ඇගේ නවතම රූපවාහිනී විකාශනයේදී, Olga Skabeyeva එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ නේටෝවට එරෙහිව මෙලෙස යුද්ධය ප්‍රකාශ කළ අතර යුක්රේනයේ දේශසීමාවෙන් ඔබ්බට විහිදුනු නැවුම් රුසියානු හමුදා ව්‍යාපාරයක් වෙනුවෙන් පෙනී සිටියාය.

''එක් ආකාරයකින්, සැබෑ යුද්ධය දැන් ආරම්භ වී ඇත - ඒ තුන්වැනි ලෝක යුද්ධයයි” යනුවෙන් ඔල්ගා ස්කබෙයෙවා බටහිරට එරෙහිව එහිදී තදබල අනතුරු ඇඟවීමක් කළාය. රුසියාව ''ස්ටෝන්හෙන්ජ්'' දක්වා ගමන් කරන බව තවත් කිවේදකයකු පැවසීමෙන් දින කිහිපයකට පසුව ඔල්ගාගේ මේ ප්‍රකාශය විකාශය විය.

නැගෙනහිර යුක්රේනයේ කටුක සටන් මධ්‍යයේ රුසියාව මන්දගාමී නමුත් ස්ථාවර ජයග්‍රහණ ලබා ගනිමින් සිටී. Luhansk හි Severodonetsk නගරය දැන් බොහෝදුරට රුසියානු පාලනය යටතේ පවතී. එක්සත් ජාතීන්ගේ හිටපු මානුෂීය කටයුතු ප්‍රධානී Jan Egeland අනතුරු ඇඟවූයේ ආහාර හෝ ජලය සඳහා ප්‍රවේශයක් නොමැතිව සිවිල් වැසියන් 12,000ක් පමණ නගරය තුළ කොටු වී සිටින බවයි.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00