සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන් ඝාතන ප්‍රයත්නයකින් අනූනවයෙන් දිවි ගලවා ගැනීමට සමත් වූ බව වාර්තාවේ. ඒ සල්මන්ගේ නිවස ආසන්නයේදී ඔහුට වෙඩි තැබීමට පුද්ගලයෙක් විසින් උත්සාහ දැරීම හේතුවෙනි. නිවස අසල පාපැදියක ගමන් කරමින් සිටියදී මෙලෙස ඔහුට වෙඩි තැබීමට උත්සහ දරා ඇති අතර, එය ව්‍යාර්ථ වී ඇති බව මාධ්‍ය වාර්තා විස්තර කර තිබුණි.
ඒ අනුව හොකී පිත්තක් ගෙන යන කවරයක සැඟවූ තුවක්කුවක් රුගත් පුද්ගලයෙකු විසින් වෙඩි තැබීමට උත්සාහ දරා ඇති බව වාර්තා විය.
ටයිම්ස් නෙට්වර්ක් විසින් වාර්තා කරන ලද පරිදි සිදුහත් මූස් වාලා ඝාතන නඩුවේ සැකකරුවෙකු වන ලෝරන්ස් බිෂ්නෝයි විසින් මෙම වෙඩික්කරු යවා ඇත. සල්මන් ඛාන් සිය පාපැදි ධාවනයට ආරක්ෂකයින්ගෙන් තොරව ගමන් කරන බව දැනගෙන මෙම ඝාතන සැලසුම ක්‍රියාත්මක කර ඇති බව ආරක්ෂක අංශ කියයි.