2022 ජුනි 26 වන ඉරිදා

සෝක නැතිව මිය යන්න ’’SARCO” එයි!

 2022 ජුනි 26 වන ඉරිදා, පෙ.ව. 08:00 158

සියදිවි නසා ගැනීම ‘උත්කර්ෂයට’ පැමිණවීමට පොළඹවන යන්ත්‍රයක් ලෙස ගැරහුම් පවා එල්ල වූ සාකෝ නමැති මරණයේ යන්ත්‍රය ලබන වසර වනවිට ස්විට්සර්ලන්ත වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය.

සාකෝ යන්ත්‍රය මිනිත්තුවක් තුළදී වේදනා රහිත මරණයක් ලබා ගැනීමට හැකි නවීන තාක්ෂණික යන්ත්‍රයකි. එය භාවිතා කිරීමට ස්විට්සර්ලන්තය තුළ මේ වනවිට නීත්‍යනුකූල අවසරය ලබා දී තිබේ. පෙනුමින් මිනීපෙට්ටියක් බඳු කැප්සියුලයක හැඩැති මෙම යන්ත්‍රය එහි ඇතුළත හිඳින්නාටම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලබා දී ඇත. මෙහිදී මරණය සිදුවන්නේ කැප්සියුලය තුළ වන ඔක්සිජන් මට්ටම අවම තත්වයකට රැගෙන ඒම මගිනි.

මෙහි විශේෂත්වය වන්නේ රෝගියා කතා කිරීමට හෝ කිසිදු අවයවයක් ක්‍රියාත්මක කිරීමට නොහැකි අංශභාග තත්ත්වයක පසු වුවද, තමන්ගේ ඇස්වල චලනය මඟින් මෙම යන්ත්‍රය ඇතුළතින් ක්‍රියාත්මක කිරීමට පවා ඇති හැකියාවයි.

රෝගියාට අවශ්‍ය ස්ථානයකට මෙම කැප්සියුලය රැගෙන යා හැකි අතර, මරණයෙන් පසු එහි පාදමින් ගලවා ඉවත්කොට මිනීපෙට්ටියක් ලෙස භාවිත කළ හැකි බව එහි නිර්මාතෘ වෛද්‍ය පිලිප් නිට්ෂ්කේ කියයි.