ඊශ්‍රායලය නව අගමැතිවරයකු පත්කර වසර හතරකට අඩු කාලයකදී පස්වැනි මැතිවරණයක්ද පැවැත්වීමට යයි. මේ වනවිට Yair Lapid ඊශ්‍රායලයේ නව අග්‍රාමාත්‍යවරයා වීමට සූදානමින් සිටින අතර, ඔහු පාර්ලිමේන්තුව බදාදායින් පසුව විසුරැවා හැර වසර හතරකට අඩු කාලයකදී රටේ පස්වැනි මැතිවරණය පැවැත්වීමට අපේක්ෂා කර සිටියි.
2021 මාර්තු මැතිවරණයෙන් පසු ඊශ්‍රායලයේ ඒ රට වැඩිම කාලයක් බලයේ සිටි නෙතන්යාහු සහ ඔහුගේ සහචරයින්ට බහුතර බලයක් ලබා ගැනීමට නොහැකි වූ පසු පාලන සභාගයක් පිහිටුවීමට සිදුවිය. නෙතන්යාහු මහතා, බෙනට් සහ ලැපිඩ් මහතා විසින් පසුගිය ජූනි මාසයේදී නෙරපා හරින ලද්දේ දෙවසරක දේශපාලන අස්ථාවරත්වය බිඳ දමමිනි.
මේ සභාගය එකට එක්කළ පාලන ගිවිසුමක කොටසක් ලෙස ලැපිඩ් මහතා සහ බෙනට් මහතා අතර අගමැතිකම මාරු කිරීමට එකඟ විය. බෙනට් මහතා 2023 සැප්තැම්බර් මාසයේදී ඔහුට බලය පැවරීමට නියමිතව තිබුණි. නමුත් පසුගිය බදාදා ඒ සභාගය බිඳවැටුණි. ඊශ්‍රායලයේ මතුව ඇති මේ නව දේශපාලන හෙයියම්මාරුව දීර්ඝතම කාලයක් ඒ රට පාලනය කළ අගමැති බෙන්ජමින් නෙතන්යාහුට දූෂණ චෝදනා සම්බන්ධයෙන් නඩු විභාගයක් තිබියදීත් ඔහුට නැවත ධුරයට පැමිණීමට පහසු විවරයක් නිර්මාණය කරන ලකුණු පහළ වී තිබේ.