2022 ජුලි 03 වන ඉරිදා

දෙවැනි සඳ ගමනේ මුල් පියවර ඇරැඹේ!

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 104

මිනිසාගේ මීළඟ ඓතිහාසික චන්ද්‍ර ගවේෂණය සඳහා මුල් පියවර තබමින් CAPSTONE ලෙස හඳුන්වන CubeSat පන්නයේ කුඩා අභ්‍යවකාශ චන්ද්‍රිකා යානයක් එහි නිපැයුම්කාර සමාගම මගින් ඉකුත් සතියේ දියත් කරන්නට යෙදුණි. එය ඇපලෝ සඳ ගමනෙන් පසු ඇරැඹෙන දෙවැනි සඳ තරණ වැඩසටහන වන ආර්ටිමේස් හි ආරම්භක පියවරයි.

දෙවැනි සඳ ගමනට ඉතා අත්‍යවශ්‍ය අද්විතීය, ඉලිප්සාකාර චන්ද්‍ර කක්ෂයක් පරීක්ෂා කරමින් විශාල කාර්යභාරයක් ඉටුකරන මෙම කුඩා චන්ද්‍රිකාව මයික්‍රෝවේව් උඳුනක ප්‍රමාණයෙන් යුක්තය.

යාන්තම් බර රාත්තල් 55ක් (කිලෝග්‍රෑම් 25ක්) පමණක් වන CAPSTONE ගගනගාමීන් සඳහා පෘථිවිය සහ සඳ අතර මග රුඳවුම් සේවා ස්ථානයක් ලෙස සේවය කරන කක්ෂගත චන්ද්‍ර මුරපොළක් හෝ නැවතුම් මධ්‍යස්ථානයක් සඳහා ඉදිරි මඟ සොයන්නා ලෙස ක්‍රියා කරනු ඇත. හැලෝ කක්ෂයක් ලෙස හැඳින්වෙන එය රඳවා ඇති ඉතා දිගු කක්ෂය පවතින්නේ දිගුකාලීන මෙහෙයුම් සඳහා හොඳ ස්ථායීතාවයක් සපයන එසේම යානා  නඩත්තු කිරීමට කුඩා ශක්තියක් පමණක් අවශ්‍ය වන චන්ද්‍රයාගේ සහ පෘථිවියේ ගුරැත්වාකර්ෂණයේ සමතුලිත ලක්ෂ්‍යයකය.

CubeSat’ හි මෙම කක්ෂය තුළදී අභ්‍යවකාශ යානය එක් චන්ද්‍ර ධ්‍රැවයකින් සැතපුම් 1,000ක් (කිලෝමීටර් 1,609.3ක්) සහ අනෙක් ධ්‍රැවයේ සිට සැතපුම් 43,500ක් (කිලෝමීටර් 70,006.5) වූ ආසන්නතම ගමන් මාර්ගයකට එය සෑම දින හතකට වරක් ගෙන එනු ඇත. ඉකුත්දා දියත් ක‍ළ එය මාස තුනක් ඇතුළත සිය කක්ෂීය ස්ථානයට ළඟා වන අතර ඊළඟ මාස හය කක්ෂයේ ගතකරනු ඇත. අභ්‍යවකාශ යානයට අතර මැද මධ්‍යස්තානයක් සඳහා බලය සහ ප්‍රචාලන අවශ්‍යතා පිළිබඳ වැඩි දත්ත සැපයිය හැකිය.

දෙවැනි සඳගමන සිදුවන්නට නියමිත 2025 දී පළමු ආටෙමිස් ගගනගාමීන් ගොඩබසිනු ඇතැයි අපේක්ෂා කරන චන්ද්‍ර දක්ෂිණ ධ්‍රැව කලාපයට ආවරණය සපයන අතරම පෘථිවිය පිළිබඳ පැහැදිලි දර්ශනයක වාසියද ඇති මෙම කක්ෂයේ සිට පෘථිවිය සමඟ සන්නිවේදන හැකියාවන් පරීක්ෂා කිරීමට කුඩා අභ්‍යවකාශ යානය භාවිතා කරනු ඇත.