2022 ජුලි 03 වන ඉරිදා

යුරෝපය රකින යකඩ තිරය දැඩිෙවයි!

 2022 ජුලි 03 වන ඉරිදා, පෙ.ව. 08:00 166

ව් ලැඩිමීර් පුටින් යුක්රේනයට පහර දීමෙන් පසු එල්ලවිය හැකි රුසියානු ආක්‍රමණයක තර්ජනයට මුහුණ දීම සඳහා යුරෝපය වටා යෙදූ නව (යකඩ තිරය) තව ශක්තිමත් කිරීමට පියවර ගන්නා බව අමෙරිකා ජණාධිපතිවරයා කියා තිබේ.

ඒ අනුව එක්සත් ජනපදය පෝලන්තයේ සිය පළමු ස්ථීර හමුදා කඳවුර ගොඩනඟා, රුමේනියාව සහ බෝල්ටික් වෙත තවත් හමුදා දහස් ගණනක් යොදවනු ඇත. ජර්මනියට සහ ඉතාලියට නව ගුවන් යානා නාශක පද්ධති යවනු ඇත. එක්සත් රාජධානියේ තවත් ප්‍රහාරක ජෙට් යානා ස්ථානගත කරන අතරම ස්පාඤ්ඤයට නව ඩෙස්ට්‍රෝයර් යාත්‍රා දෙකක් යොදවනු ඇත. ජෝ බයිඩන් මැඩ්‍රිඩ්හි පැවැති නේටෝ සමුළුවේදී මෙම පියවර ප්‍රකාශයට පත් කළේය.

යුද සන්ධාන ප්‍රධානී ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග් ෆින්ලන්තයට සහ ස්වීඩනයට, රුසියාවට එරෙහි සටනට සම්බන්ධ වන ලෙස නිල වශයෙන් ආරාධනා කළ අතර තුර්කිය එහි විරුද්ධත්වය අත්හැරීමෙන් පසුව නේටෝවද හෙළිදරව් කළේ මෙම වසරේ මාර්තු මාසයට සාපේක්ෂව තමන් නැගෙනහිර දෙසට අමතර භටයන් 4,000ක් යොදවා ඇති අතර, “දැඩි  සීරුවෙන්” සිටින සොල්දාදුවන් සංඛ්‍යාව 40,000 සිට 300,000 දක්වා වැඩි කරන බවය.

පෙබරවාරි මාසයේදී ව්ලැඩිමීර් පුටින් යුක්ක්‍රේනයට පහර දීමෙන් පසු රුසියානු ආක්‍රමණයක තර්ජනයට මුහුණදීම සඳහා නව “යකඩ තිරය” නමැති යුරෝපා ආරක්ෂක සන්ධාන වළල්ල යොදවනු ලැබිණි. ඒ වුවද සමහර රටවල් - විශේෂයෙන් එස්තෝනියාව, ලැට්වියාව සහ ලිතුවේනියාව යන බෝල්ටික් රාජ්‍යයන් මේ සඳහා ඉල්ලා තිබූ ආරක්ෂාව සැපැයීම සඳහා වූ සන්ධානගත කැපවීම බෙහෙවින් අඩුව තිබුණි. ඒ අනුව රුසියානු ආක්‍රමණයේ තර්ජනයට මුහුණදීම සඳහා යුරෝපයේ සිය ආරක්‍ෂාව ඉහළ නංවමින්  පුටින් නැවැත්වීම සඳහා ලිතුවේනියාව, එස්තෝනියාව සහ ලැට්වියාව අවට බෝල්ටික් ජාතීන්, දැන් 50,000ක පමණ නේටෝ භටයන්ගෙන් යුත් නව බලඇණියක් ඉල්ලා තිබේ.

යුක්ක්‍රේනය සමඟ සටන අවසන් වූ පසු පුටින් මීළඟට තමන්ට පහර දෙනු ඇතැයි ඔවුහු බියව සිටිති. Kaliningrad වෙත සැපයුම් මාර්ග කපා හැරීමෙන් පසු රුසියාව දැනටමත් ලිතුවේනියාවට තර්ජනය කර හමාරය. ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය නිකුත්ව ඇත්තේ මෙවන් වටාපිටාවකය. ජෝ බයිඩන් කියා සිටියේ එක්සත් ජනපදය යුරෝපය පුරා හමුදා සහ උපකරණ සැපැයුම තවත් වේගවත් කරන බවය.