2022 ජුලි 17 වන ඉරිදා

තාත්තයි-දුවයි එකට පියාඹයි

2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00225

ඉන්දීය ගුවන් හමුදාවේ ප්‍රහාරක ගුවන් නියමුවන් වන එයාර් කොමදෝරු සංජේ ෂර්මා සහ පියාසර නිලධාරිනි අනන්‍යා ෂර්මා එකම ජෙට් යානයක නියමුවන් ලෙස එක්ව පියාසර කළ ඉන්දියාවේ පියා සහ දියණිය ලෙස වාර්තාවක් තබා එරට ගුවන් හමුදාවේ ඉතිහාසයට එක්වූහ.

ඉන්දීය ගුවන් හමුදාවේ සේවය කරන මේ දෙදෙනා පසුගියදා බ්‍රිතාන්‍ය නිෂ්පාදනයක් න හෝක්-132 නමැති ජෙට් යානයක නියමුවන් ලෙස කටයුතු කරමින් කර්නාටක ප්‍රාන්තයේ බයිදර් ගුවන් හමුදා කඳවුරේ සිට එම ජෙට් යානය පියාසර කර ඇති අතර, පසුව එම සිදුවීම සමාජ මාධ්‍ය ජාල අතර දැඩි අවධානයට ලක්වී තිබේ.

වසර 1989 දී ඉන්දීය ගුවන් හමුදාවේ කොමිෂන් නිලධාරියකු බවට පත් වූ සංජේ ෂර්මා මිග් 21 බලඝණ අණදෙන නිලධාරියා ලෙස සේවය කර ඇති අතර, ඔහුගේ දියණිය අනන්‍යා ප්‍රහාරක ගුවන් නියමුවකු ලෙස කොමිෂන් ලබා ඇත්තේ පසුගිය වසරේදීය.