2022 ජුලි 17 වන ඉරිදා

යුරෝපය යාකරන වේග-දුම්රිය ජාලයක්!

2022 ජුලි 17 වන ඉරිදා, පෙ.ව. 08:00141

දිගු ගුවන් පියාසර ගමනක වෙහෙසකර බවින් තොරව ගොඩබිම ඔස්සේම යුරෝපය පුරා සවාරියට දැන් අලුත් මඟක් තැනෙමින් තිබේ. මේ වේගවත් ගොඩබිම් මග තැනීමෙන් පසු පැරීසියේ උදේ ආහාරය, ෆ්‍රැන්ක්ෆර්ට්හි දිවා ආහාරය සහ වියානාහි රාත්‍රී ආහාරය පවා ලබාගත හැකි ලෙස යූරෝපා රටවල් අතර දුර කෙටිවන්නට නියමිතය.

ගුවන් ගමන් සඳහා විශ්වාසදායක, සුවපහසු සහ තිරසාර විකල්පයක් සපයන මේ අලුත් මග සමන්විත වන්නේ යුරෝපීය සංගමයේ සෑම ප්‍රධාන නගරයක් අතරම දිවෙන නවීන, සුපිරි වේගවත් සහ සුවපහසු දුම්රිය ජාලයකි. ඒ සඳහා දැනට ඇති දුම්රිය මාර්ගද යොදා ගනිමින් මංපෙත් අලුතෙන් දිගු කිරිම අභිලාෂය වී තිබේ.

2030 වනවිට අධිවේගී දුම්රිය භාවිතය දෙගුණ කිරීමට සහ 2050 වනවිට වත්මන් භාවිත මට්ටම ත්‍රිත්ව කිරීමට ඇති යුරෝපීය සැලසුම් මධ්‍යයේ ජුනි 29 වැනි දින ප්‍රංශයේ ලියොන්හි දුම්රිය කර්මාන්තයේ ප්‍රමුඛයන් විසින් මේ සැලසුම ගෙනහැර දක්වන්නට යෙදිනි. මෙම දැවැන්ත අභිලාශකාමී ඉලක්ක සාක්ෂාත් කරගත හැක්කේ අධිවේගී ජාලයේ දැවැන්ත සහ වේගවත් ව්‍යාප්තියකට පමණි. නමුත් ඒවා යථාර්ථවාදී සහ දැරිය හැකි යෝජනාවක්ද යන්න ප්‍රශ්නයකි.

ලෝකයේ බොහෝ ප්‍රදේශ මෙන් නොව, යුරෝපයේ දැනටමත් කිලෝමීටර් දහස් ගණනක් දුරුති අධිවේගී දුම්රිය ඇත. ප්‍රංශයේ ලෝක ප්‍රසිද්ධ TGVs, ජර්මනියේ ICE සහ ස්පාඤ්ඤයේ AVE පසුගිය වසර 40 තුළ දුම්රිය ගමනාගමනය පරිවර්තනයකට ලක්කර ඇත. නමුත් ඒවා බොහෝ දුරට දේශීය වෙළඳ‍පොළ කෙරෙහි පමනක් අවධානය යොමු කර ඇත. චැනල් ටනල් හරහා පැරිස් - ලන්ඩන් සහ පැරිස් - බ්‍රසල්ස් - ඇම්ස්ටර්ඩෑම් - කොලෝන් වැනි ඒවා වඩාත් සාර්ථක සේවා සපයයි.

යුරෝපීය කොමිසම, යුරෝපීය දුම්රිය ප්‍රජාව, යුරෝපීය දුම්රිය සැපයුම් කර්මාන්තය සහ රාජ්‍ය නොවන දුම්රිය මාර්ග නියෝජනය කරන ALLRAIL ඇතුළත්  දුම්රිය සේවා සැපැයුම් සමූහය විසින් ජාත්‍යන්තර දේශසීමා රේඛා හරහා කිලෝමීටර් දසදහස් ගණනක් නව මාර්ග සඳහා වන නව සැලසුම බරපතළ ලෙස සාකච්ඡාවට ගෙන ඇත.

 

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00