2022 ජුලි 31 වන ඉරිදා

සඳට ඇන්ද ජැකැට්ටුවට ඩොලර් ලක්ෂ 270

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 30

නීල් ආම්ස්ට්‍රොංගෙන් පසු දෙවැනියා ලෙස සඳ මත පා තැබූ Buzz Aldrin ඒ ඉතිහාස ගත ගමනේදී පැළඳ සිටි ජැකට්ටුව ඩොලර් 2,772,500 ක වාර්තාගත මිලකට අලෙවි වී ඇත. ඒ සඳ තරණයේ 53 වැනි සමරුවට ඔන්න මෙන්න කියා තිබියදීය. 

අලෙවි වූ අනෙකුත් භාණ්ඩ අතර Apollo 11 පියාසැරි සැලසුම් ද, මෙහෙයුමේ සම්පූර්ණ සාරාංශයක් ද, ඩොලර් 819,000 කට අලෙවි වූ අතර, එහි ඉහළම ඇස්තමේන්තුව මෙන්  පස් ගුණයකින් වැඩි අගයකි. ඩොලර් 327,600 කට අලෙවි වූ චන්ද්‍ර මොඩියුලය Eagle සඳ  ස්පර්ශ කිරීමේ සාරාංශයක් ද විය. එහි ද මිල ඉහළම ඇස්තමේන්තුවට වඩා හය ගුණයකට වැඩිය.

 

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00