2022 ජුලි 31 වන ඉරිදා

සෞදි කුමරුගේ කැඩපත් නගරය

 2022 ජුලි 31 වන ඉරිදා, පෙ.ව. 08:00 137

සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සිය රටේ තනන්නට යන අනාගත ආශ්චර්යයක් බඳු අපූරු නගරයක් ගැන තතු ලෝකයට පසුගිය සතියේ කීවේය.

ඒ අනුව මිලියන 9 ක පදිංචිකරුවන්ගෙන් පිරී ඉතිරී යන සැතපුම් 105 කට වඩා දිගැති පළල මීටර් 200 ක් (දළ වශයෙන් යාර 220) පමණ වූ කැඩපත් මුහුණත්වලින් සැදුණු තාප්ප 2කින් වට කර ඇති අමුතුම නගරයක් සෞදි අරාබියේ ඉදිකිරීමට යයි. 
සෞදි අරාබියේ වයඹ දෙස කඳුකරයේ තනන NEOM ලෙස හැඳින්වෙන අති නවීන නගරයේ සිට The Line ලෙස හැඳින්වෙන කැඩපත් පවුරෙන් වටවූ අහස සිඹින ලොව උසම ගොඩනැගිල්ල වන Miroor Line වැලි කතර මැදින් රතු මුහුදේ “හෙක්සාගොන්” නමැති පාවෙන වරාය නගරය වෙත කිලෝමීටර 170 ක් දුරට විහිදේ. මේ නගරය සහ ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම පුනර්ජනනීය බලශක්තියෙන් ක්‍රියාත්මක වෙයි.

එම්පයර් ස්ටේට් ගොඩනැගිල්ලට වඩා ඉහළින් පිහිටන එය, මුහුදු මට්ටමේ සිට මීටර් 500 ක් ඉහළින් පිහිටනු ඇත. මෙහි කාර් හෝ රථවාහන මාර්ග නොමැත. මිනිත්තු 5කින් වැඩට යාමට මෙහි සෑම නිවැසියකුටම හැකිය. ඒ සඳහා අනුමතව ඇත්තේ පා ගමන සහ පා පැදිය. අධිවේගී දුම්රිය විනාඩි 20කින් මිනිසුන් නගරයේ එක් කෙළවරක සිට අනෙකට රැගෙන යනු ඇත. ඉදිකිරීම් දැනටමත් ආරම්භ කර ඇති අතර, සෞදි වාර්තා  අනුව 2030 වනවිට මිලියන 1.5 ක ජනතාවක් “ද ලයින්” හි ජීවත් වීමට ඉල්ලා ඇත.