2022 අගෝස්තු 07 වන ඉරිදා

තායිවානය වටා යුද උණුසුම ඉහළට!

 2022 අගෝස්තු 07 වන ඉරිදා, පෙ.ව. 08:00 103

එක්සත් ජනපද කථානායක නැන්සි පෙලෝසි තායිපේ වෙත පියාසර කිරීමත් සමඟ ඇගේ සංචාරයෙන් ඇවිස්සි සිටි බෙයිජිං පාලන අධිකාරිය තායිවානය වටා මහා පරිමාණ යුද අභ්‍යාසයක් ඇරුඹුමට කටයුතු කර තිබුණි. චීනයේ  Global Times ටැබ්ලොයිඩ් පුවත්පතට අනුව J-20 ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානා සහ සාම්ප්‍රදායික මිසයිල අත්හදා බැලීම්වලින් සමන්විත පෙර නොවූ විරූ දින හයක හමුදා අභ්‍යාස අඟහරුවාදා රාත්‍රියේ ආරම්භ වී ඇත.

චීනයේ මහජන විමුක්ති හමුදාව (PLA) විසින් අගෝස්තු 4 සිට 7 දක්වා දිවයින පුරා විවිධ ප්‍රදේශ හයක සජීවී ගිනිඅවි අභ්‍යාසද පුළුල් ලෙස පවත්වනු ඇති බව Xinhua ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කළේය. මේ අතර තායිවානය බදාදා ප්‍රකාශ කර තිබුණේ මේ යුද  අභ්‍යාස එක්සත් ජාතීන්ගේ නීති උල්ලංඝනය කර ඇති බවත්, එමගින් එරට භෞමික අවකාශය, අහස සහ මුහුද  ආක්‍රමණය කර ඇති  බවත්, ඒ සඳහා නිසි ප්‍රතිචාර දක්වන බවත්ය.  මේ අතර චීනය තායිවානයට එරෙහිව යුද්ධයකට ගියහොත් පුටින් චීනයේ ආධාරයට පැමිණෙනු ඇති බව ප්‍රමුඛ රුසියානු සෙනෙට් සභිකවරයෙක් පෙන්වා දෙයි. ඒ සමග  සිය යුක්රේන යුද්ධයට සහාය අපේක්ෂා කරනුද ඇති බව ඔහු පෙන්වා දෙයි. මේ අනුව පෙලොසිගේ තායිවාන සවාරිය පවතින යුද්ධයට උඩගෙඩි දෙන අතරම තවත් ලෝක යුද්ධයකට අතවැනීමක් බවට පත්වන ලකුණු පහළ වී තිබේ.

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00