2022 අගෝස්තු 14 වන ඉරිදා

කියුබාවේ මාරාන්තික තෙල් ගින්න

2022 අගෝස්තු 14 වන ඉරිදා, පෙ.ව. 08:0088

කියුබාවේ ප්‍රධාන තෙල් පර්යන්තයක් වන Matanzas හි දින 5ක් තිස්සේ හටගත් මාරාන්තික ගින්නක් හේතුවෙන් රටේ ප්‍රධාන ඉන්ධන ගබඩාවෙන් සියයට 40ක් දැවී විනාශ වී ගියේය. Matanzas යනු බොරතෙල් සහ ඉන්ධන ආනයනය සඳහා කියුබාවේ විශාලතම වරායයි. Matanzas හි ටැංකි 10ක ගබඩා කර ඇති කියුබානු බොරතෙල් මෙන්ම ඉන්ධන තෙල් සහ ඩීසල් ප්‍රධාන වශයෙන් දිවයිනේ විදුලිය නිපදවීමට යොදාගනී. මේ ගින්න නිසා රටේ විදුලියද ඇණ හිටියේය.

සිකුරාදා සවස එක් ඉන්ධන ගබඩා ටැංකියකට අකුණු සැර වැදීමෙන් ගින්න හටගත් අතර සැණෙකින් පැතිර ගිය එය ඉරිදා වනවිට ඉන්ධන ටැංකි 4ක් ගිනිබත් කර දැමීමට සමත්විය. එක් ගිනි නිවන භටයෙකු මියගිය අතර 16 දෙනෙකු අතුරැදන් විය. 121ක් තුවාල ලබා ඇත. ගින්නට හසු වූ පළමු ටැංකිය සියයට 50ක ධාරිතාවකින් යුක්ත වූ අතර එහි ඉන්ධන මීටර් 25,000 (අඩි 883,000) පමණ අඩංගු විය. දෙවැනි ටැංකිය පිරී තිබුණි.

බලධාරීන් ප්‍රකාශ කළේ ඒ ආසන්නයේ ඇති Matanzas බොක්ක තෙල් හේතුවෙන් අපවිත්‍ර වී නොමැති බවයි. කෙසේ වෙතත්, ගින්නෙන් ඇති වූ විශාල දුමාරය හේතුවෙන් හවානා ප්‍රදේශයේ පදිංචිකරැවන්ට මුහුණු ආවරණ පැළඳ සිටින ලෙසත් ඇසිඩ් වැස්සෙන් වළකින ලෙසත් ඔවුන් අනතුරු අඟවා තිබේ. වළාකුළු තුළ සල්ෆර් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් ඔක්සයිඩ්, කාබන් මොනොක්සයිඩ් ඇතුළු විෂ ද්‍රව්‍ය අඩංගු වන බවට නිලධාරීන් අනතු අඟවා ඇත. හවානා සිට කිලෝමීටර 100 (සැතපුම් 65) කට වඩා දුරින් පවා අළු දැකිය හැකිවිය.

 

2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00